හරියට ලෙඩේ හොයා ගන්න
2010 ඔක්තෝබර් 21 ප්රතිචාර 6
power supply එක වැඩද කියලා බලන්න විදියක්.
අද මම කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් විදියක වැඩක්. මේක පරිඝණක දෘඩාංග වැඩක්. ඉදලා හිටලා මේ වගේ ලිපියකුත් ලියන්නම්. ගොඩක් අය පරිඝනක පාවිච්චි කලාට මොනවා හරි උනොත් කරන්නෙ ගත්තු තැනට ගිහින් දීලා හදා ගන්න එකනේ. මම ඉතින් මේ ලියන්න පටන්ගත්ත බ්ලොග් එකෙන් පරිඝණකයට මොනවා හරි උනාම හදා ගන්න ආකාරය, එක එක විවිධ වූ තාක්ශණික ක්රම පිලිබදව එහෙම කියලා දෙන්නම්. කොහොම හරි අද මම කියලා දෙන්න යන්නේ cpu එකට විදුලිය බෙදා හරින power supply එක වැඩද නැද්ද කියලා බලන විදියක් ගැන. කට්ටිය දැන් බලනවා ඇති මේ මොකක්ද කියල. මේ ක්රමය මගින් ප්රධාන මවුපුවරුවද නැතහොත් වෙනයම් කිසි හේතුවක් නිසා තමාගේ පරිඝණකය ක්රියා විරහිත වී ඇත්නම් එහ දෝශය හරියාකාරව බලාගන්න පුලුවන්. උදාහරනයක් ලෙස තමන්ගේ පරිඝණකය ක්රියාත්මක වෙවී තිබී හදිස්සියේම එය ක්රියා විරහිත වුවහොත් තමන්ට නිගමන කිහිපයකට එලබිය හැකි වනු ඇත. එනම් මවු පුවරුවේ හෝ වෙනත් කොටසක දෝෂයක් ලෙස නැතිනම් මේකෙ කාලය හරි තමා කියලා 🙂 නමුත් මෙම දෝෂය හරියාකාරව නිරාකරනය කර ගැනීම සදහා කිසියම් ක්රම කිහිපයක් මගින් අක්රීය වූ කොටස හදුනා ගත යුතු වේ. මෙසේ හදුනා ගැනීම සදහා මම මේ කියන්නට යන්නා වූ කාරනාව වැදගත් වේ යයි මම සිතමි.
මොනවා කරන්නත් ඉස්සෙල්ලා ඔබේ පරිඝණකය ලබා ගත් ස්ථානය මගින් ලබා දී ඇති වගකීම පිලිබදව සැලකිලිමත් වන්න. ඇතැම් අවස්ථා වලදී පරිඝණකයේ මෙසේ වෙනස් කම් සිදුකිරීමට යාම නිසා ඔබගේ වගකීම අහෝසි වීමට ඉඩ කඩ තිබේ. ඔබේ පරිඝණකයේ වගකීම කල්ඉකුත් වී ඇත්නම් මෙම ක්රමය ගැටලුවක් නැත. නමුත් පරිඝණක දෘඩාංග පිලිබදව මූලික දැනුම නැතිව මෙම දේවල් අත්හදා බැලීමට යාම ඔබටත් පරිඝණකයටත් අනුතුරුදායක විය හැක.
කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක වෙනවා. හරි අපි දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියලා. මුලින්ම ඔබේ පරිඝණකයේ power supply එක මවු පුවරුවට හා අනෙකුත් දේවල් වලට සම්බන්ධ වී ඇති සියලු වයර් ගලවන්න. ඉන් පසුව එහි ඇති විශාලම වයර් ගොනුව සොයා ගන්න. එය එක එල්ලේම මවුපුවරුවට සම්බන්ද වන වයර් 19 කින් ඇති සොකට්ටුවකි(මෙම අගය වෙනස් වීමට ඉඩ ඇත). එහි ඇති වර්න නිරීක්ශනය කල විට ඔබට කළු පාට වයර කිහියයක් හා එක් කොල පාට වයර් එකක් දැක ගැනීමට හැකිවනු ඇත. මෙහි කළු පාට වයර( -අගය) සහිත වේ. නමුත් මෙහි ඇති කොළ පාට වයරය power supply එකක්රියාත්මක වීමට අදාල වයරය යි. අප විසින් තනිවම මෙම power supply එක ක්රියාත්මක කිරීමට නම් මෙම කොළ වයරය හා එක් කළු වයරයක් එකට සම්බන්ද කල යුතු වේ. මේ සදහා කුඩා කම්බි හෝ වයර් කැබැල්ලක් යොදා ගැනීමට පුලුවනිය. මෙසේ සම්බන්ද කර විදුලිය ලබා දුන් පසු power supply එක මවු පුවරුව නැතිව ක්රියාත්මක වේ. නැත්තන ඉතින් අඹ සරනයි තමා 🙂 .
මෙම වයර නිවරැදිව සම්බන්ධ කරන ආකාරය මම පහත රූපයේ දක්වා තිබේ.
මෙම ක්රමය අත්හදා බැලීම මගින් දෝෂය ඇත්තේ මවු පුවරුවේද නැතිනම් power supply එකේද කියා සොයාගත හැක. නමුත් මවුපුවරුවේ දෝෂයක් යයි හරියට කිව නොහැක. power supply එක ක්රියාත්මක වන්නේ නැතිනම් නියත වශයෙන්ම එය අක්රිය වී ඇත.
වෙනදා වගේම කියන්න තියෙන්නෙ මතක් කරලා comment එකක් දාලා යන්න 🙂 .
ahh… good… used full site.. good luke
used full site
ela mchn..apenuth help ekak onnam kiyanna…
ඔවු ඔවු කට්ටියගෙන්ම උදවු ඕනේ. වැරදි එහෙම මට පෙන්නලා දෙන්න. පුලුවන්නම් යාළුවන්ටත් කියන්න හරිද. Once agane Thank you very much Reshan…
සුභාෂ් ඔය විදහ හරි කියලා කියන්න බැ 100% ම මොකද ඔය විදිහෙන් හරියටම voltage එක එනවාද කියලා බලන්න බැ ඒක මම කියන්නේ මගේ අත්දැකිමෙන් ඔයාට වරදක් කියනවා නෙමෙයි නමුත් ඔය system එක් 100% හරිය කියලා කියන්න බැ මම කියපු දේ වරදවා තේරැම් ගන්න එපා
ඔවු ඔයා කියන එක 100% ඈත්ත. ඒත් හැම කෙනාටම tester නෑනෙ. ඒක නිසා හැම කෙනාටම මෙම ක්රමය මගින් හොද ප්රතිඵලයක් ගන්න පුළුවන්.