ඕන කරන කෙනාව ටග්ගාල හොයා ගන්න ක්‍රමයක්.

අනන් මනන් නැතුව එයාව විතරක් හොයා ගන්න.

කට්ටියටම සුභ දවසක්. මට අද හරි සතුටු දවසක්. මොකද කියනවා නම් මම බ්ලොග් එක ලියන්න අරගෙන අද පස් වෙනි දවස මේ වෙනකොට ප්‍රතිචාර 15 ක් විතර ලැබිලා තියනවා හරි සතුටුයි ඉතින්. දන්නවනෙ ඉතින් ලිපි ලියන්න, වැරදි හදාගන්න, අළුත් අදහස් මතක් වෙන්න ඔක්කොටෝම හේතු වෙන්නෙ ඔයාලගේ ප්‍රතිචාර තමා.

අද මම කියන්න යන දේ ගැන කතා කරනවානම් මම අද කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැන. මේක එසේ මෙසේ එකක් නෙමේ තමන්ට අවශ්‍ය කරන පුද්ගලයෙක් සොයා ගැනීම සදහා තියෙන සයිට් එකක්. දැන් කස්ටිය බලනවා ඇති අපිට ගූගල් දෙයියා ඉන්නවනෙ ඕවා මොකටද කියලා. මේක අනෙක් ඒවට වඩා වෙනස් මොකද කියනවා නම් මේක සෙවුම් යන්ත්‍රයක් විදියට ක්‍රියාත්මක වී පුද්ගලයන් පමනක් සොයා දෙන නිසා. මමත් මේ ගැන දැනගෙන වැඩි දවසක් නෑ. අද දාන්නෙ මොකක්ද කියලා හිත හිත ඉන්නකොට හිතුවා මේක දාන එක කාටත් වැදගත් වේවි කියලා.

මෙම සෙවුම් යන්ත්‍රෙය් තියෙන ප්‍රධානතම වාසිය වන්නේ තමන්න අවශ්‍ය කරන කෙනාව විවිධ විධි ඔස්සේ සෙවිය හැකි වීම.එනම් ඔහුගේ නමින් තවද ඔහුගේ විද්‍යුත් ලිපිනය මගින් තවද ඔහුගේ හෝ ඇයගේ Username එකෙන් විතරක් නොවේ දුරකතන අන්කයෙන් පවා සෙවීමේ පහසුකම සලසා දී තිබෙනවා. මාර වැඩේ කතාවෙන් කතාවෙන් සයිට් එකේ නම කිවුවෙ නෑනේ ඒක නමින් pipl නම් වෙනවා ඔයාලට මෙතන කොටලා ඒ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. ආ තව දෙයක් අමතක උනා මෙම අඩවිය මගින් ඊයෙ පෙරේදා ඉදලා ව්‍යපාරයක් උවද සොයා ගැනීමේ පහසුකම සලසා දී තිබෙනවා.

දැන් අපි බලමු මෙයින් වැඩක් කරන්නේ කොහොමද කියලා. මුලින්ම මෙතනින් එහි ප්‍රදාන පිටුවට යන්න. එය පහල අයුරින් දිස් වේවි.

දැන් එහි ඇති අයුරින් ඔබට කැමති ක්‍රමයක් තෝරා ගෙන විස්තර ඇතුලත් කර සෙවීම ආරම්භ කරන්න. එවිට ටික වෙලාවක් එය සදහා ගතවේ (තප්පර කිහිපයක්). සෙවීම ආරම්භ වූ විට ඔබට මෙවැනි දෙයක් දිස් වේ.

සෙවීම අවසානයේදී ඔබට ඔබ සෙවු පුද්ගලයාගේ විස්තර ලැබෙනු ඇත. ඔය මොනවා කලත් ඔය හොයපු කෙනා ජීවිතේට පරිගනකයක් දැකලා නැති එකෙක් උනොත් ඉතින් සොරි තමා 🙂 . මෙම ක්‍රමය මගින් පරන යාලුවො එහෙම හොයන්න ට්‍රයි එකක් දීලා බලන්න. මම නම් පරන බුවෙක්ව හොයා ගත්තා ඒ උනාට කතා කරන්න මොකක්ද වගේ. කමක් නෑ මම අද වගේම පස්සෙ දවසකත් මේ වගේම වැදගත් වෙබ් ලිපින හා ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන ලිපි ලියන්නම්කෝ. හෙටට හම්බ වෙන කම් සුභ දවසක්….

Advertisements

සම්බන්ධව Subash Priyankara
සිංහල යුනිකේත භාවිතයට ගෙන blog එකක් ලියන අයෙකි.

4 Responses to ඕන කරන කෙනාව ටග්ගාල හොයා ගන්න ක්‍රමයක්.

  1. බලමු බලමු මටත් කෙනෙක් ඉන්නවා හොයා ගන්න ..

    තෑන්කුයි මචං

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: