අද මට හරි සතුටු දවසක්
2010 නොවැම්බර් 22 ප්රතිචාර 7
කට්ටිය දැන් බලනවා ඈති මෙයාට සතුටු මොකද කියලා. වෙන මොකක්වත් නිසා නෙමේ මට ඉතින් මේ බ්ලොග් ලියන එක එපා වෙලා තමා තිබුනෙ. ඈ යි වදේ කිසි සින්ඩියකට මාව ගන්නෙ නැති නිසා. ඔන්න ඉතින් මගෙ අපල කාලෙ ඉවර වෙලාද කොහෙද මාව සිංහල බ්ලොග් කරුවන්ගේ එකටයි ලාංකීය සිතුවිලි කියන සිංඩිකේටර වලට බදවගෙන කියලා අද තමා ලියුම ආවෙ (මේ ලියුම කිවුවෙ Email එකට නොවැ). දැන් ඉතින් හරි හරි ගාල ලියන්න ගන්න ඕනෙ. මොකද බලන්නයි කියවන්නයි කස්ටිය ඉන්නවනෙ.
මට තව සතුටු ආරංචියක් තියෙනවා ඒ මොකක්ද කියනවා නම් මෙච්චර කාලයක් onscreen keyboard එකෙන් සිංහල ටයිප් කර කර හිටපු මම දැන් ඉතින් වෙනසකට කියලා ඈත්ත එකෙන්ම ටයිප් කරනවා. අද ඉදන් මගෙ කබල් කීබෝඩ් එකේ කොල ටිකක් අලව ගත්තා සිංහලෙන්. හැමදාම මෙහෙම ඉදලා හරි යන්නෙ නැති නිසා තමා මම මෙහෙම කලේ. අනික මට දැන් ඉංගිරීසි අකුරු ගැටළුවක් නැති නිසා සිංහල ටයිපින් පුරුදු වෙනවා. මේ දවස් වල ටිකක් අසනීපෙන් තමා ඉන්නෙ. අර දෙයියන්ගෙ කියන ලෙඩක් හැදිලා ගෙට වෙලාම තමා ඉන්නෙ. ඒක නිසා හොදට ලියන්න ඕනෙ. ඔක්කොටෝම වඩා මේ ලිපිය සිංඩියෙ යනකොට මට දැනෙන සතුට කියන්න තරම් බැරි සතුටක් වේවි. දැන් ගොඩක් රෑ වෙලා නිසා මම නිදා ගන්න යනවා ආයෙ අනිවා හෙට හොද ගැජමැටික් එකක් අරගෙන එන්නම්. කස්ටියටම බායි වේවා.
හරී මචො අපී බලනව ..
බොහොම ස්තූති සහෝ. දිගටම ඉන්න.
නීරෝගී සුවය ලැබේවා කියල ප්රාර්ථනා කරන ගමන්. තවත් සිංහල බ්ලොග් ලියන්නකුගේ ආගමනයට මගෙන් සුභපැතුම්. බ්ලොක් එකත් ලස්සනයි.
ගොඩක් ස්තූති යාළුවා. මමත් හොද ලිපි දිගටම පුළුවන් වෙලාවට ලියන්නම්. මගෙත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා….
දිගින් දිගටම බ්ලොග් ලියන්නට මගෙනුත් සුභ පැතුම්.
ගොඩක් ස්තූති අනේ ඔයාට….
පින්ග්කිරීම: සින්ඩි වල වටිනාකම « ~~~සුභාෂ්ගේ අටුව ~~~