Nokia පෝන් වලට එක එක ලොකු දේවල් කරන විදියක්
2010 නොවැම්බර් 23 ප්‍රතිචාර 19
අද කියන්න යන්නේ අළුත්ම දෙයක්. මොනවද අද ලියන්නෙ කියලා හිත හිත ඉන්නකොට තමා ටෙක් කතා වල කෙනෙක් අහල තිබුනු දෙයක් මතක් උනේ. මේ මම දැන් කියන්න යන්නෙ ටිකක් සීරියස් එකක් මොකද කියනවා නම් මේ ක්‍රමය මගින් ඔයාලගේ nokia දුරකථන වලට එක එක දේවල් කරන්න පුළුවන්. එක එක දේවල් කිවුවෙ දුරකථනයෙ හැම දෙයක්ම වගේ බලා ගන්න පුළුවන් ඒ විතරක් නෙමේ දුරකථනය farmware එක update කරන්න එහෙම උනත් පුළුවන්. තව සම්පූර්ණයෙන් අළුතින්ම තමන්ට ඕන කරන flash file එකක් උනත් හොයලා දාන්න පුළුවන්. තව පෝන් එක විකුනන්න යනවා වගේ නම් ඔක්කොම call time එහෙම reset කරලා දාන්න පුළුවන් මොන කෝඩ් එක ගැහුවත් හොයා ගන්න බැරි වෙන්න. තව දෙයක් තියෙනවා මේක මගින් ඔයාලගේ දුරකථනය ලොක් වෙලා නම් ඒක ඈර ගන්න උනත් පුළුවන්(ඒක නම් හැබැයි මම කරලා නෑ) :p .
තව දෙයක් තියෙනවා මේක මගින් farmware update කරනවා නම් ඒක nokia pc suite එක හරහා update කරනවට වැඩිය සීරියස්. සාමාන්‍යයෙන් මෙම software එක use කරන්නේ flash box එක හරහා ෆ්ලෑෂ් කරන්න. නමුත් මේ විදියට usb cable එක හරහා කරන්නත් පුළුවන්.ඒ කියන්නෙ දුරකථනය box එකට ගහල කරන දේවල් මේ ක්‍රමය මගින් usb cable එක හරහා කරන්න පුළුවන්. මුලින්ම මේකට ඕනකරන software එක ගන්න ඕනේ. ඒකට මේ පහල ලින්ක් 1න් යන්න. මෙතන කොටල උනත් පුළුවන්. තව මෙතන කොටලා torrent වලින් ගන්න පුළුවන්.
http://www.filestube.com/dd1a0a68c03539dc03ea/go.html
හරි දැන් ඔයා ඕක ගත්තට පස්සේ ඔය ඔකේ තියෙන ඔක්කොම නිවරෙදිව in stole කර ගන්න ඕනේ. ඔක්කොම කියන්නෙ හැම දෙයක්ම හරියට කර ගන්න ඕනෙ. හරි කොහොම හරි දැන් දගලලා ඔය Phoenix කියන එක ඇතුලට යන්නකෝ. පස්සේ usb driver හදා ගන්න ඕනේ. ඒකට පහල තියෙන link 1න් ගිහින් video එක බලන්න. ආ තව මේ video එක nokia 3110c එකක් flash කරන විදියේ 1ක්. ඒකට කමක් නෑ ඔක්කොම එක විදියට යන්නේ. හැබැයි ඔන්න ඔය වීඩියෝ එක නම් මගෙ නෙමේ. ඒ උනාට මම පලවෙනි එක flash කලේ මේකෙන් බලාගෙන.
දැන් ඉතින් video එකේ විදියට හරියට කරගෙන පෝන් එක pc එකට සම්බන්ද කරන්න(දෙන්න ඕනේ nokia mode විදියට) .ඔය ඔක්කොම හරියට කරලා නම් Phoenix මගින් පෝන් එක අදුන ගන්න ඕනේ. දැන් ඉතින් වැඩේ කරන්න තමා තියෙන්නේ….. ඔයාට මෙමගින් ගොඩක් flash file හොයා ගන්න පුළුවන්. හරි එක බලලා දා ගන්න ඕනේ. කරුමෙකටවත් වෙන භාෂාවක් සෙට් උනොත් ඉවර තමා. තව තව ගොඩක් වැඩ කරන්න පුළුවන් ටිකක් ඕක use කරද්දී තේරෙයි.
100% කියන්න පුළුවන් මෙම ක්‍රමය වැඩ කියල.මොකද මමත් පෝන් 10ක් විතර මේ විදියට කරලා තියෙනවා. හැබෑ පුතෝ පෝන් එකට මොනවා හරි උනොත් මාව එහෙම කන්න හදන්න එපා. කොහොමත් පොඩි risk 1ක් ගන්න වෙනවා. මොනවා හරි උනොත්. කඩේකට ගිහින් box එකට ගහල අයේ flash කර ගන්න තමා වෙන්නේ. ඒකට ඉතින් ගානක් යනවා.
මොනවා හරි හිතුනා නම් ලියන්න වැරදි තියෙනවා නම් පෙන්නලා දෙන්න. බනින්න තියෙනවා නම් බනින්න. කොහොම හරි කරලා comment එකක් දාලා යන්න. ගැටළුවක් එහෙම තියෙනවා නම් අහන්න.
කස්ටියටම සුභ දවසක්.