කරදරකාර start-up program ටික වහන විදියක්
2010 නොවැම්බර් 24 ප්රතිචාර 8
කස්ටියටම සුභ දවසක්. අද කියන්න යන්නෙ ගොඩක් අය දන්න දෙයක්. දන්නෙ නැති කවුරු හරි ඉන්නවානවා නම් එයාට ප්‍රයෝජනවත් වෙයි වෙයි කියල හිතල තමා කියන්න යන්නෙ. මම මේ කියන දෙයින් ඔයාලගෙ පරිගණකයේ වේගය වැඩි වෙනවා වගේම ඔන් වෙන එක ඉක්මන් කර ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ මොනවා හරි වයිරස් එකක් එහෙම ඈවිත් ඒක windows ඔන් වෙනකොටම කරදර කරනවා නම් මේ ක්‍රමය මගින් ඒකත් නවත්ව ගන්න පුළුවන්. ඔක්කොටම කලින් කියන්න ඕනෙ මෙම ක්‍රමය වැඩ කරන්නෙ වින්ඩෝස් වල.
හරි දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියලා. ඔයාලගෙ ලෙහෙසියටත් එක්ක මම පියවරෙන් පියවර රූප සටහන් මගින් කියලා දෙන්නම්.මුලින්ම run එකට යන්න ඕනෙ. ඒ සදහා start ගිහින් run කියන එක ඔබන්න. ලේසිම වැඩේ තමා windows බොත්තමත් සමග R අකුර එබීම මගින් run එකට යන්න පුළුවන්.
හරි දැන් ගියාට පස්සෙ ඒකෙ ටයිප් කරන්න දෙයක් තියෙනවා ඒක තමා msconfig කියන එක. ඔය පහල තියෙන විදියට ටයිප් කරා නම් හරි.
හරි ඒ විදියට හරියට ටයිප් කරලා ok කියන එක හරි enter බොත්තම හරි එබුවම පහල තියෙන එක වගේ System Configuration Utility එක එයි. ඔන්න ඕකෙන් තමයි වැඩේ කරන්න තියෙන්නෙ.
මේකෙන් මම කියන්න යන දෙයට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුළුවන් තව තව ලිපි වලින් ඒව කියලා දෙන්නම් අදට මේක බලන්නකෝ. හරි දැන් මේකට ගියාට පස්සෙ ඔය උඩින්ම තියෙන startup කියන tab එකට යන්න. ගියාට පස්සෙ එය පහලින් තියෙන විදියට පේන්න ගනී.
ඔන්න දැන් ඉතින් තියෙනවා ඔයාගේ pc එක ඔන් වෙනකොට ක්‍රියාත්මක වෙන program ටික. බැලූ බැල්මට ටිකක් විකාරයක් වගේ පෙනුනට හොදට බැළුවොත් ඔක්කොම ඒවා තියෙන තැනත් එක්කම බලා ගන්න පුළුවන්. දැන් ඕක දිහා හොදට බලලා තමන් දන්න කියන ඔන් වෙනකොට කරදර කරන program එකක් එහෙම තියෙනවා නම් වහලා දාන්න පුළුවන්. හරියට ඔය පහලින් තියෙන විදියට මම වගේ.
වහන program ටික තෝරන එක ඔයාට බාරයි. මොකද ඔය එක එක ඒවෑ මොන මොනා තියෙනවද කියලා මම කොහොමද දන්නෙ 🙂 .
හරි දැන් ඕන කරන ඒවා තෝරලා එහෙම ඕන නැති ඒවා අයින් කරලා අයින් වෙන්න ඕනෙ නම් Apply කරලා ඔය තියෙන Ok කියන එක එබුවම පහල තියෙනවා වගේ එකක් එයි.
ඒක නම් ඉතින් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන්ම බලා ගන්න ඕනෙ නම් දැන්ම restart කරන්න පුළුවන්. ඕනෙ නැත්තම් Exit without restart කියන එක ඔබන්න පුළුවන්.
ආ තව කියන්න දෙයක් තියෙනවා. මේ වැඩේ මීට වඩා හොදට කරන්න පුළුවන් software තියෙනවා මම tune up කියලා software එකක් මීට කලින් පාවිච්චි කරලා තියෙනවා. මීට අමතරව තව ගොඩක් දේවල් මේ software එක මගින් කරන්න පුළුවන්. ඕනෙ නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. හැබැයි මේක free දෙන්නෙ ටික දවසයි. ඕනෙ නම් ඉතින් ඔයාලට පාවිච්චි කරලා බලන්න පුළුවන්.
අදට ඉතින් මේ ටික තමා කියන්න තියෙන්නෙ. වෙනදා වගේම මොනවා හරි හිතුනා නම්, වැරදි තියෙනවා නම්, බනින්න එහෙම තියෙනවා නම් බනින්න. කොහොම හරි කරලා comment එකක් දාලා යන්න. ගැටළුවක් එහෙම තියෙනවා නම් අහන්න. මම එහෙනම් යනවා කස්ටියටම සුභ දවසක්.