හාඩ් එක කැඩිලද….මේ විදියට කරලා බලන්න. (1වන කොටස)
2010 නොවැම්බර් 29 ප්‍රතිචාර 10
අද කියන්න යන්නෙ ටිකක් දිග ඒ වගේම මම ලබපු අපූරු අත්දැකීමක් ගැන තමයි. දවස් දෙකකින් ලිපියක් ලියන්න බැරි උනා. ලියන්න බැරි උනේ වෙන මොකක්වත් නිසා නෙමේ පලවෙනි දවසෙනම් ලියන්න කියලා හිතාගෙන හිටියට අපේ ලංකාවේ විදුලිබල මන්ඩලය මගේ ලිපියට කොක්ක දැම්මා උදේ ඉදලා විදුලිය තිබුනෙ නෑ හවස හයට විතර තමා ආවෙ. දෙවෙනි දවසෙ ලිපියක් ලියන්න බැරි උනේ මගෙ තියෙන කම්මැලි කමට. අද ඉතින් මෙතන ඉද ගත්තෙ මම ලබපු අත්දැකීමක් ප්‍රතම වරට ඔයාලත් සමග බෙදා හදා ගන්න තමයි. මේක මම පුදුම ගේමක් දීලා ගොඩ දාගත්තු හාඩ් ඩිස්ක් එකක් ගැන තමා අද කියන්න යන්නෙ.
මුලින්ම කියන්න ඔනේ මේක මට ලැබුන විදිය. මේකෙ තියෙන වැදගත්ම දේ තමයි මේක සාමාන්‍ය හාඩ් ඩ්ස්ක් එකක් නෙමේ අතේ අරගෙන යන usb portable hard disk එකක්. මේක ගැන කියනවනම් මුලින්ම කියන්න ඕනෙ මගෙ හොද යාළුවෙකුගෙ. එක දවසක් මම මෙයාලගෙ ගෙදර ගිය වෙලාවක කිවුවා එයාගේ තියෙන portable hard එක format කරන්න ගත්තට වෙන්නෙ නෑ කියලා. මමත් ටිකක් අරගෙන බලද්දි format විතරක් නෙමේ 4GB ක් විතර fයිල් කොපි වෙලා මේක හිර වෙනවා. මම දැන ගත්තා මේකේ bad sectors ඇවිල්ලා තමා කියලා නිකමට ට්‍රයි එකක් දුන්නා හදන්න. මුලින්ම කලේ වෙන මොකක්වත් නෙමේ low-level format tool එකක් අරගෙන මේක format කරලා බලපු එක. විනාඩි විස්සකින් විතර ගිහින් වැඩේ හරි කියලා වැටුනා. මම ඉතින් කරපු වැඩේ මේක ගලවලා ආයෙ ලැප් එකට සම්භන්ද කරලා බැලුවා. මල හත්ඉලවුවයි තිබුන ටිකත් නෑ. දැන් ඉතින් අර පෙන්නපු ටිකවත් පෙන්නන්නෙ නෑ. හැබැයි ඉතින් device manager එකට අරගෙන තිබුනා. පස්සෙ ටිකක් ජන්ජාලෙ හොයලා බලද්දී දැක්කා low-level format කලාට පස්සෙ ආයේ partition create කරන්න ඕනෙ කියලා. අනේ ඉතින් හාඩ් එක පැත්තකට දාලා partition magic කියන software එක හොයන්න ගත්තා. මොකද මම ඔය partition magic කියන එකෙන් කලින් සෙල්ලම් ටිකක් දාල තිබුනා. පස්සෙ ඉතින් ටොරෙන්ට් එකෙන්ම PowerQuest PartitionMagic කියන එක ගත්තා key එකක් එක්කම. කොහොම හරි දගලලා ඒකත් හදාගෙන අර හාඩ් එකේ partition එක create කර ගත්තා. දැන් ඉතින් නමෝ විත්තියෙන් ලැප් එකේ තිබුන film ටිකක් පිරෙන්න දැම්මා. හෙන ගහන්න මෙන්න මේක ආපහු හිර උනා නොවැ. කොහොම හරි ඉතින් ටිකක් කල්පකා කරලා windows වල එන disk check එකෙත් චෙක් වෙන්න දැම්මා. පැයක් විතර ගියා මේක වෙනවා නෙමේ බඩගානවා එතකොට වෙලාව රෑ දහයට විතර ලග නිසා මම ගෙදර එන්න ආවා මොකද මම මේ ඔක්කොම කලේ මගෙ යාළුවගෙ ගෙදර ඉදන්. ගෙදර ගිහින් මේ ගැන හිත හිත හොදට නිදා ගත්තා.
ආ තව ටිකෙන් අමතක වෙනවා මම මේ හදන්න හදපු portable HDD එක 100GB එකක්. පිටින් කිසිම brand එකක නමක් සදහන් කරලත් තිබුනෙ නෑ. තිබුනෙ colour polor කියලා විතරයි. අනික ජන්ජාලෙ මම ඒ නමින් හොයලා බැලුවට හරි හමන් තොරතුරක් හොයා ගන්නත් බැරි උනා.ඕනෙ නම් ඔය පහල තියෙන පින්තූරෙන් බලන්න පුළුවන් ඒක හැබැයි ඉතින් සමා වෙන්න ඕනෙ මේ පින්තූර ගැහුවෙ රෑ මගේ webcam එකෙන් ඒක නිසා පින්තූර නම් අන්තිමයි
ඔන්න ඉතින් පහුවෙනිදා වැඩේ හරිද කියලා බලන්නවත් මගෙ යාළුවව මට හම්බඋනේ නෑ. මොකද මිනිහට බරටම වැඩ. පස්සෙ ඉතින් දවස් දෙකකට විතර පස්සෙ මම මගේ යාළුවට කෝල් එකක් අරගෙන අහුවා කොහොමද වැඩේ හරිද කියලා. එතකොට තමා දැන ගත්තෙ ඒත් ඒ ලෙඩේ එහෙම්මම තියෙනවා කියලා. පස්සෙ මම එයාට කිවුවා මට ටිකක් ඕක දෙන්න මම හදන්න ට්‍රයි එකක් දෙන්නම් කියලා.ඊට පස්සෙ පහු වෙනිදාම මට මේක ලැබුනා.ඔන් දැන් තමා ගේම පටන් ගන්නෙ.
මේකට මොකද කරන්නෙ කියලා හිත හිත ඉන්නකොට දන්න කියන කෙනෙක් ගෙන් මේ ගැන අහන්න හිතුනා. එවලෙ gtalk වල online හිටියා මම දන්න කියන නදුන් රනවීර කියලා මගේ යාළුවෙක් මිනිහව මම දැන ඈදිනගෙන දවස් දෙකක් නෑ ඒ වෙනකොට. ඒ වගේම එයා තමා ලාංකීය බ්ලොග් කියවනය කියන සින්ඩියෙ නිර්මාතෘ. මෙයාගෙන් මම කලින් අහගෙන් තිබුනා wordpress.org එකෙන් තමන්ගේ host සහ domen එකකට wordpress in-stole කර ගන්න විදිය. මම හිතුවා මිනිහා දන්නවා ඈති කියලා. ඒත් අවාසනාවකට වගේ එයත් වැඩිය ඔය දේවල් ගැන දන්නවා අඩුයි කිවුවා. හැබැයි එයා කිවුවා TechKatha google සමූහයට දැම්මොත් පිලිතුරක් ලැබෙයි කියලා. මමත් එවලෙම techkatha වලට මේල් එකක් යවුවා. එදා හවස් වෙන කොට සුසන්ත කියලා කෙනෙක් පහත තියෙන විසදුමක් ලබා දීලා තිබුනා.
පොඩ්ඩක් ඩොස් කමාන්ඩ් එකෙන් ෆෝර්මැට් කරල බලන්න.
format z: /fs:NTFS
මේකේ Z වෙනුවට හාඩ් එකේ Drive letter එක දෙන්න.
හරි ගියේ නැත්තනම් තැටියේ භෞතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඕකට හොඳම වැඩේ හාඩ් එක පාටිෂන් හතරකට වගේ කඩන්න. වෙන මෘදුකාංගයක්
පාවිච්චි නොකර Right click on my computer> manage> Storage> Disk
management(Local) වලට ගිහින් කරගන්න පුළුවන්.
එතකොට ඔය අවුල නැති හරියේ තියෙන පාටිෂන් ටික වැඩ කරන්න පුළුවන්.
තව බෑඩ් සෙක්ටර් රෙපයාර් ටූල්ස් මෘදුකාංගත් තියනවා. ඒත් පාවිච්චි කරන්න
ඕන පරිස්සමින්. ගොඩක් වෙලාවට හාඩ් ඩිස්ක් එකේ නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ
මේ වගේ මෘදුකාංගයක් බාගත කරගන්න තියෙනවා.
ඒ නිශ්පාදකයා වෙනුවෙන්ම හදපු මෘදුකාංගයක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි.
පස්සෙ මිනිහට පින් සද්ද වෙන්න මම මේක හදන්න ක්‍රම කිහිපයක් හොයා ගත්තා. ඔය ඕකෙ තියෙනවා වගේ මුලින්ම කරන්න ගත්තෙ dos command එකෙන් format කරන්න හදපු එක. අවාසනාවට ඒකත් හරි ගියේ නෑ. 24% ගිහිල්ලා හිර වෙලාම තියෙනවා. ඊට පස්සෙ කරන්න ගත්තෙ partition වලට කඩන්න ගත්ත එක. මෙයා කියලා තියෙන විදියට windows වලින් කරන්න මට හැකියාවක් තිබුනෙ නෑ. මොකද මම පාවිච්චි කරන්නෙ wondows xp නිසා. ඒක නිසා පරන විදියටම partition magic කියන එකේ පිහිට පතන්න සිදු උනා.
ඊට පස්සෙ තමා හරි හරි දේවල් සිද්ද උනේ. ඒත් ඉතින් හිතපු නැති විදියට මේ ලිපිය ගොඩත් දිග වුනා ඒ නිසා කොටස් දෙකකට ලියන්න සිදු වෙනවා. මේ ටික කියෙවුවා වගේ ඉතිරි ටිකත් කියවන්න කියලා කරුනිකව ඉල්ලා සිටිනවා.
දෙවෙනි ලිපිය හැකි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වෙන ගමන් මම යනවා. යන්න ඉස්සෙල්ලා සතුටින් කියන්න ඕනෙ මම මේක කොහොම හරි කරලා ගොඩ දා ගත්තා ඒ විතරක් නෙමේ මේක මසුත් කලා :). මේක කියවලා මොකද හිතෙන්නෙ කියලා අමතක නොකර ලියලා යන්න. දැන් වචන 892 යි. කියන්න සතුටුයි මම ලියපු දිගම ලිපිය. දැන් ටිකක් keyboard එකෙන් සින්හල ටයිප් කරන්නත් හුරුයි. මම එහෙනම් යනවා දෙවෙනි ලිපියෙන් හම්බවෙනකන් කස්ටියටම බායි කිවුවා.