හාඩ් එක කැඩිලද….මේ විදියට කරලා බලන්න. (2වන කොටස)

මුලින්ම කියන්න ඕනෙ මේක මම බොහොම අමාරුවෙන් ගොඩදාගත්තු හාඩ් ඩිස්ක් එකක් ගැන කියන දෙවන ලිපිය මේකෙ පලවෙනි ලිපිය කියෙවුවෙ නැත්තම් මෙතනින් ගිහින් ඒක කියවලා ඉන්න. නැත්තන් මේ ලිපිය මොකක්ද වගේ තියෙයි.

හරි දැන් පටන් ගමු කතාව. මම කිවුවා වගේ ඊලගට මට partition magic කියන එකේ පිහිට පතන්න සිදු උනා. ඒ වෙනකොටත් මගෙ මැසිමේ ඔය partition magic කියන එක තිබුනෙ නැති නිසා ඒක ආයෙ බාගන්න සිද්ධ උනා. ඒක කලින් කිවුවා වගේ යාලුවගෙ ලැප් එකට දැම්මා වගේම මමත් ටොරෙන්ට් එකෙන්ම බා ගත්තා. හෙන ගේමක් දීලා ඒකත් in-stole කරගෙන හාඩ් ඩිස්ක් එක ගහලා partition හතරකට කඩන්න කියලා හිතාගෙන 100GB හාඩ් එක 25 කෑලි හතරකට කැඩුවා. පස්සෙ ඔක්කොම කරලා ඉවර උනාට පස්සෙ ආපහු ගලවලා මැසිමට සම්භන්ද කරලා බැලුවා. මමත් හිතුවා වැඩේ හරි කියලා මොකද ඉතින් 25GB හතරක් පෙන්නපු නිසා. ආ කියන්න බැරි උනානෙ මෙහෙම කඩපු එකේ ප්‍රධානතම අරමුන තමා bad sector තියෙන partition එක අදුරගෙන ඒක වහලා දාන එක. හරි දැන් පුරුදු විදියටම එකින් එකට file copy කරන්න ගත්තා. මුලින්ම දැම්මෙ මුලින්ම තිබුන එකට ඒක සුපුරුදු විදියටම 4GB ක් විතර copy වෙලා හිර වුනා. ඊලගට දෙවෙනි එකට file copy කරන්න ගත්තා. දුකයි කියන්න ඒකත් එහෙමයි ඒක විතරක් නම් කමක් නෑ කිවුවැහැකි අනිත් දෙකටත් file කොපි වෙන්නෙ නෑ හිර වෙනවා. මටත් ඉතින් දැන් හරි අප්සට් මොකද කරන්නෙ කියලා.මේක මගේ නොවුනත් මගේ එකක් වගේ දැන් මට මාර අමාරුවක් තියෙන්නෙ මේක හදා ගන්න. මේක හදාගන්නෙ කොහොමද කියලා දහඅතේ කල්පනා කර කර ඉන්නකොට මතක් උනා bad sector repair tool එකක් අරගෙන මේකෙ තියෙන  bad sector ටික අයින් කරනවා කියලා. අර කලින් සුසන්ත කියලා තිබුනා වගේ හාඩ් ඩිස්ක් එකේ නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් හොයන්න ගත්තා. මොනවා කියලා හොයන්නද මම කිවුවා වගේ මේකෙ හරි නමක් brand එකක තමක් සදහන් කරලා කිබුනෙ නෑනෙ. ඒක නිසා ඒ අදහසත් අතඇරලා දාන්න සිද්ධ වුනා. ඊට පස්සෙ ජන්ජාලෙ හොයලා හොයලා කොහොම හරි bad secter raper tool එකක් හොයා ගත්තා. ඒක නමින් Flobo HDD BadSector Repair  කියලා එකක්. ඕනෙ නම් ඉතින් මෙතනින් බාගන්න පුලුවන්. ඒකෙනුත් ට්‍රයි එකක් දුන්නා හදන්න. මගේ කරුමෙද කොහෙද මේකෙන් scan කලාට පස්සෙ මේක කියනවා bad sector නෑ කියලා. පස්සෙ ඉතින් ඒ වැඩෙත් හරි ගියේ නෑ. ඒ වෙනකොට මට මාර ආසාවක් තිබුනෙ මේක ගලවලා බලන්න. මොකද මට පොඩි කාලෙ ඉදලා මාර අමාරුවක් තියෙන්නෙ ඔය මොකක් හරි හම්බඋනාම ගලවලා බලන්න. ඒත් මගේ එකක් නෙමේ නිසා මාර බයක් තිබුනෙ මේක ගලවන්න. පලවෙනි හේතුව තමා මේක මගෙ නොවීම. දෙවෙනා හේතුව තමා ප්‍රතම වරට මේ වගේ එකක් ගලවන්න යන නිසා. අනික කවුද දන්නෙ මේක ඇතුලෙ මොනවා තියෙනවද කියලා. ඕන එකක් වෙන්න කියලා ගැලෙවුවා. මේන්න බොලේ මේක ඈතුලෙ තියෙනවා මරු බඩුවක්.
මම කිසිම විදියකින් හිතපු නැති විදියට Hithachi කියන වර්ගයේ 100GB හෙන පොඩි හිච්චි හාඩ් එකක් තියෙනවා මේක ඈතුලෙ. පහල තියෙන්නෙ ඒකෙ පින්තූර කහිපයක්. එලිය මදි හින්දා එලියට ගිහින් පොටෝ ගැහුවෙ.

මේක වෙනම හාඩ් එක විතරක් වෙන් කරගෙන ගත්තු එකක් තමා පහල තියෙන්නෙ.

මේක දැක්කට පස්සෙ මම පුල් හොල්මන්. ඈයි බොලේ මම දැක්කමයි මෙච්චර පොඩි හාඩ් එකක්. වැඩේ කියන්නෙ මේක හරියටම මගෙ අල්ල තරම් ඒ විතරක් නෙමේ ගනකම හරියටම 2.5cm යි. හිතාගන්න පුලුවන්නෙ සයිස් එක.

දැන් ඉතින් ආයෙ පටන් ගත්තා මේක හදන වැඩේ කරන්න. දැන් ඉතින් හාඩ් එකේ brand එක දන්න නිසා Hithachi සයට් එකේ හොයන්න ගත්තා මේක හදා ගන්න tool එකක්. ඒත් මට ඒක හොයා ගන්නත් බැරුව ගියා. ඒ වෙනකොට නිකමට වගේ හිතුනා තව partition කරන software එකකින් වැඩ ටකක් දාලා බලන්න. ටිකක් ජන්ජාලෙ හෙවුවට පස්සෙ හොයා ගත්තා MiniTool Partition Wizard Home Edition කියලා එකක. මේක ගැන කියනවා නම් මේ software එක නිකන් දෙන සුපිරිම එකක් තමා. හිත හිත ඉන්නෙ නැතුව මෙතනින් දැන්මම බා ගන්න. දැන් ඕනෙ නැති උනත් පස්සෙ හරි ඕනෙ වෙයි.

ඊට පස්සෙ මේක ඈතුලට ගිහින් ටිකක් මේක දිහා විපරන් කරලා බලද්දී තේරුනා ඔය එක එක සල්ලි දීලා ගන්න software වලට වඩා මේ නිකන් දෙන එක හොදයි කියලා. මුලින්ම මම කලේ මේක හතරකට කඩලා තිබුන partition ටික එකකට කඩපු එක. එහෙම කරලා ඉවර උනාට පස්සෙ මේ software එක දිහා බලද්දී දැක්කා surface test  කියලා එකක් තියෙනවා. දෙපාරක් හිතන්නෙ නැතුව ඒක වෙන්න දැම්මා.මෙන්න බොලේ සද්ද දාගෙන හාඩ් එක scan කරනවා. හැබැයි එහෙම වෙන්න අම්බානෙට වෙලා ගියා. වෙලා ගියා නෙමේ වෙලාව කෑවා. ඒ තරමටම හාඩ් එක බකල්. මම මේ test එකට හාඩ් එක පැය 25ට වැඩිය දාලා තිබුනා. මෙහෙම දාල තියද්දී හාඩ් එක මාර රත් විල්ලක් රත් වෙන්නෙ. ඒකට මගෙ තියෙ table fan එක ගැහුවා හාඩ් එකට. ඔහොම වෙනකොට ගත්තු ​screen shot එකක් තමා පහල  තියෙන්​නේ.

මෙතන තියෙන්නෙ errors 11ක් විතරයි. මොන එකොලහද errors 600ට වැඩිය තිබුනා සම්පුර්න හාඩ් එකම scan වෙන්නෙත් නැතුව. එක තැනකට ඈවිත් නැවතුනා එතනින් එහාට scan උනේ නෑ. ඒත් මම දැක්කා හාඩ් එකේ මැද හරියෙ කිසිම ගැටළුවක් නැති විදිය.

ඔන්න එතකොට තමා මට මොලේ පෑදුනේ. මම කරපු වැඩේ සම්පූර්න හාඩ් එකම 10GB කෑලි දහයකට කැඩුවා 🙂 පස්සෙ එකින් එක scan කරගෙන ගියා. බොහොම සතුටුයි කියන්න 10 යෙ කෑලි 3ක් හොයා ගත්තා කිසිම ලෙඩක් නැති. ඒ partition 3න් දෙකක් එක ලග තිබුනෙ අනික වෙන තැනක තිබුනෙ. එක ලග තිබුන දෙක මම එක partition එකක් කලා. අනික එහෙමම තිබ්බා. අර ලෙඩ තියෙන partition හතම hidden කරලා දැම්මා.

පස්සෙ ඉතින් මම මේ හැදිලා තියෙන partition දෙක format එහෙම කරලා file ටිකක් copy වෙන්න දැම්මා. මෙන්න බොලේ කිසි අවුලක් නැතුව වැඩ. 30GB ම කොපි වුනා. මට දැනෙන සතුට කියා ගන්න බැරි හින්දා තමා මේ ලිපිය ලිවුවෙ.කොහොම හරි ඉතින් 100GB හාඩ් එකක් වැඩකරන 30GB කට බැස්සුවා. ඒත් ඉතින් 30GB කියන්නෙත් හරි ලොකු ගානක්නෙ නේද.තාම මම අයිතිකාරයට මේක දුන්නෙ නෑ. එයාට ටිකක් වැඩ වැඩී මේ දවස් වල පස්සෙ දෙනවා.

මම දන්නෙ නෑ මේක තව කී දවසක් වැඩ කරයිද කියලා ඒත් හරියට පාවිච්චි තලොත් ගොඩක් කාලයක් use කරන්න පුළුවන් බව නම් මට විස්වාසයි. මම දන්නෙ මෙච්චරයි කොහොම හරි දගලලා මේක මම හදපු බව.

ඒ වගේම කියන්න ඕනෙ මෙච්චර වෙලා මේක කියවපු ඔයාලට ගොඩක් ස්තූති වෙන්න ඕනෙ. මතක් කරලා හිතන දේ ලියලා යන්න. මම එහෙනම් යනවා කස්ටියටම සුභ දවසක්.