විශේෂ නිවේදනයයි……..
2010 දෙසැම්බර් 1 ප්රතිචාර 17
විශේෂ නිවේදනයයි……..
skype,gtalk,facebook හෝ මොනයම් එකකින්වත් පහල තියෙනවා වගේ පනිවිඩයක් ආවොත් හරකෙක් වගේ open කරන්න නම් එපා. මේක මගෙ දැන් තියෙන Security essentials හා Avast free වලට හසු නොවන කාලකන්නිම වයිරස් එකක්. මම නම් ගොනා වගේ බාගෙන open කලා ඔයාලනම් කරන්න එපා. මේකෙන් pc එක struck වෙලා එවලෙ open වෙලා තියෙන හැම skype,gtalk වැනි software වල online ඉන්න අයට පහත තියෙන පනිවිඩයම අරිනවා.මම මේක ටිකක් වෙනස් කරනවා ඔයාලට download නොවෙන්න. ඒ වගේම තමා මම දැන් Security essentials හා Avast free කියන virus grad වලට මේ පිලිබදව දැනුම් දුන්නා. ඔවුන් ලගදීම මේකට සරිලන updates නිකුත් කරයි. ඒ විතරක් නෙමේ මේ මගුල මගින් Security essentials අක්‍රීය කරනු ලැබීය. පරිස්සම් වන්න.
tremenda foto pal profile que opinas
htp://ww4.crazyphotosend.com:88/uploads/6MVC-IMAGEN013.JPG.zip
ඉහල තියනවා වගේ පනිවිඩයක් ආවොත් ඔබනවා එහෙම නෙවෙයි…….
මෙයින් මගේ ආදර පරිගනකය බේරා ගත් සැටි ලගදීම බලාපොරොත්තු වන්න………