විශේෂ නිවේදනයයි……..

විශේෂ නිවේදනයයි……..

skype,gtalk,facebook හෝ මොනයම් එකකින්වත් පහල තියෙනවා වගේ පනිවිඩයක් ආවොත් හරකෙක් වගේ open කරන්න නම් එපා. මේක මගෙ දැන් තියෙන Security essentials හා Avast free වලට හසු නොවන කාලකන්නිම වයිරස් එකක්. මම නම් ගොනා වගේ බාගෙන open කලා ඔයාලනම් කරන්න එපා. මේකෙන් pc එක struck වෙලා එවලෙ   open වෙලා තියෙන හැම skype,gtalk වැනි software වල online ඉන්න අයට පහත තියෙන පනිවිඩයම අරිනවා.මම මේක ටිකක් වෙනස් කරනවා ඔයාලට download නොවෙන්න. ඒ වගේම තමා මම දැන් Security essentials හා Avast free කියන virus grad වලට මේ පිලිබදව දැනුම් දුන්නා. ඔවුන් ලගදීම මේකට සරිලන updates නිකුත් කරයි. ඒ විතරක් නෙමේ මේ මගුල  මගින් Security essentials අක්‍රීය කරනු ලැබීය. පරිස්සම් වන්න.

tremenda foto pal profile que opinas
htp://ww4.crazyphotosend.com:88/uploads/6MVC-IMAGEN013.JPG.zip

ඉහල තියනවා වගේ පනිවිඩයක් ආවොත් ඔබනවා එහෙම නෙවෙයි…….

මෙයින් මගේ ආදර පරිගනකය බේරා ගත් සැටි ලගදීම බලාපොරොත්තු වන්න………

හාඩ් එක කැඩිලද….මේ විදියට කරලා බලන්න. (2වන කොටස)

මුලින්ම කියන්න ඕනෙ මේක මම බොහොම අමාරුවෙන් ගොඩදාගත්තු හාඩ් ඩිස්ක් එකක් ගැන කියන දෙවන ලිපිය මේකෙ පලවෙනි ලිපිය කියෙවුවෙ නැත්තම් මෙතනින් ගිහින් ඒක කියවලා ඉන්න. නැත්තන් මේ ලිපිය මොකක්ද වගේ තියෙයි.

හරි දැන් පටන් ගමු කතාව. මම කිවුවා වගේ ඊලගට මට partition magic කියන එකේ පිහිට පතන්න සිදු උනා. ඒ වෙනකොටත් මගෙ මැසිමේ ඔය partition magic කියන එක තිබුනෙ නැති නිසා ඒක ආයෙ බාගන්න සිද්ධ උනා. ඒක කලින් කිවුවා වගේ යාලුවගෙ ලැප් එකට දැම්මා වගේම මමත් ටොරෙන්ට් එකෙන්ම බා ගත්තා. හෙන ගේමක් දීලා ඒකත් in-stole කරගෙන හාඩ් ඩිස්ක් එක ගහලා partition හතරකට කඩන්න කියලා හිතාගෙන 100GB හාඩ් එක 25 කෑලි හතරකට කැඩුවා. පස්සෙ ඔක්කොම කරලා ඉවර උනාට පස්සෙ ආපහු ගලවලා මැසිමට සම්භන්ද කරලා බැලුවා. මමත් හිතුවා වැඩේ හරි කියලා මොකද ඉතින් 25GB හතරක් පෙන්නපු නිසා. ආ කියන්න බැරි උනානෙ මෙහෙම කඩපු එකේ ප්‍රධානතම අරමුන තමා bad sector තියෙන partition එක අදුරගෙන ඒක වහලා දාන එක. හරි දැන් පුරුදු විදියටම එකින් එකට file copy කරන්න ගත්තා. මුලින්ම දැම්මෙ මුලින්ම තිබුන එකට ඒක සුපුරුදු විදියටම 4GB ක් විතර copy වෙලා හිර වුනා. ඊලගට දෙවෙනි එකට file copy කරන්න ගත්තා. දුකයි කියන්න ඒකත් එහෙමයි ඒක විතරක් නම් කමක් නෑ කිවුවැහැකි අනිත් දෙකටත් file කොපි වෙන්නෙ නෑ හිර වෙනවා. මටත් ඉතින් දැන් හරි අප්සට් මොකද කරන්නෙ කියලා.මේක මගේ නොවුනත් මගේ එකක් වගේ දැන් මට මාර අමාරුවක් තියෙන්නෙ මේක හදා ගන්න. මේක හදාගන්නෙ කොහොමද කියලා දහඅතේ කල්පනා කර කර ඉන්නකොට මතක් උනා bad sector repair tool එකක් අරගෙන මේකෙ තියෙන  bad sector ටික අයින් කරනවා කියලා. අර කලින් සුසන්ත කියලා තිබුනා වගේ හාඩ් ඩිස්ක් එකේ නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් හොයන්න ගත්තා. මොනවා කියලා හොයන්නද මම කිවුවා වගේ මේකෙ හරි නමක් brand එකක තමක් සදහන් කරලා කිබුනෙ නෑනෙ. ඒක නිසා ඒ අදහසත් අතඇරලා දාන්න සිද්ධ වුනා. ඊට පස්සෙ ජන්ජාලෙ හොයලා හොයලා කොහොම හරි bad secter raper tool එකක් හොයා ගත්තා. ඒක නමින් Flobo HDD BadSector Repair  කියලා එකක්. ඕනෙ නම් ඉතින් මෙතනින් බාගන්න පුලුවන්. ඒකෙනුත් ට්‍රයි එකක් දුන්නා හදන්න. මගේ කරුමෙද කොහෙද මේකෙන් scan කලාට පස්සෙ මේක කියනවා bad sector නෑ කියලා. පස්සෙ ඉතින් ඒ වැඩෙත් හරි ගියේ නෑ. ඒ වෙනකොට මට මාර ආසාවක් තිබුනෙ මේක ගලවලා බලන්න. මොකද මට පොඩි කාලෙ ඉදලා මාර අමාරුවක් තියෙන්නෙ ඔය මොකක් හරි හම්බඋනාම ගලවලා බලන්න. ඒත් මගේ එකක් නෙමේ නිසා මාර බයක් තිබුනෙ මේක ගලවන්න. පලවෙනි හේතුව තමා මේක මගෙ නොවීම. දෙවෙනා හේතුව තමා ප්‍රතම වරට මේ වගේ එකක් ගලවන්න යන නිසා. අනික කවුද දන්නෙ මේක ඇතුලෙ මොනවා තියෙනවද කියලා. ඕන එකක් වෙන්න කියලා ගැලෙවුවා. මේන්න බොලේ මේක ඈතුලෙ තියෙනවා මරු බඩුවක්.
මම කිසිම විදියකින් හිතපු නැති විදියට Hithachi කියන වර්ගයේ 100GB හෙන පොඩි හිච්චි හාඩ් එකක් තියෙනවා මේක ඈතුලෙ. පහල තියෙන්නෙ ඒකෙ පින්තූර කහිපයක්. එලිය මදි හින්දා එලියට ගිහින් පොටෝ ගැහුවෙ.

මේක වෙනම හාඩ් එක විතරක් වෙන් කරගෙන ගත්තු එකක් තමා පහල තියෙන්නෙ.

මේක දැක්කට පස්සෙ මම පුල් හොල්මන්. ඈයි බොලේ මම දැක්කමයි මෙච්චර පොඩි හාඩ් එකක්. වැඩේ කියන්නෙ මේක හරියටම මගෙ අල්ල තරම් ඒ විතරක් නෙමේ ගනකම හරියටම 2.5cm යි. හිතාගන්න පුලුවන්නෙ සයිස් එක.

දැන් ඉතින් ආයෙ පටන් ගත්තා මේක හදන වැඩේ කරන්න. දැන් ඉතින් හාඩ් එකේ brand එක දන්න නිසා Hithachi සයට් එකේ හොයන්න ගත්තා මේක හදා ගන්න tool එකක්. ඒත් මට ඒක හොයා ගන්නත් බැරුව ගියා. ඒ වෙනකොට නිකමට වගේ හිතුනා තව partition කරන software එකකින් වැඩ ටකක් දාලා බලන්න. ටිකක් ජන්ජාලෙ හෙවුවට පස්සෙ හොයා ගත්තා MiniTool Partition Wizard Home Edition කියලා එකක. මේක ගැන කියනවා නම් මේ software එක නිකන් දෙන සුපිරිම එකක් තමා. හිත හිත ඉන්නෙ නැතුව මෙතනින් දැන්මම බා ගන්න. දැන් ඕනෙ නැති උනත් පස්සෙ හරි ඕනෙ වෙයි.

ඊට පස්සෙ මේක ඈතුලට ගිහින් ටිකක් මේක දිහා විපරන් කරලා බලද්දී තේරුනා ඔය එක එක සල්ලි දීලා ගන්න software වලට වඩා මේ නිකන් දෙන එක හොදයි කියලා. මුලින්ම මම කලේ මේක හතරකට කඩලා තිබුන partition ටික එකකට කඩපු එක. එහෙම කරලා ඉවර උනාට පස්සෙ මේ software එක දිහා බලද්දී දැක්කා surface test  කියලා එකක් තියෙනවා. දෙපාරක් හිතන්නෙ නැතුව ඒක වෙන්න දැම්මා.මෙන්න බොලේ සද්ද දාගෙන හාඩ් එක scan කරනවා. හැබැයි එහෙම වෙන්න අම්බානෙට වෙලා ගියා. වෙලා ගියා නෙමේ වෙලාව කෑවා. ඒ තරමටම හාඩ් එක බකල්. මම මේ test එකට හාඩ් එක පැය 25ට වැඩිය දාලා තිබුනා. මෙහෙම දාල තියද්දී හාඩ් එක මාර රත් විල්ලක් රත් වෙන්නෙ. ඒකට මගෙ තියෙ table fan එක ගැහුවා හාඩ් එකට. ඔහොම වෙනකොට ගත්තු ​screen shot එකක් තමා පහල  තියෙන්​නේ.

මෙතන තියෙන්නෙ errors 11ක් විතරයි. මොන එකොලහද errors 600ට වැඩිය තිබුනා සම්පුර්න හාඩ් එකම scan වෙන්නෙත් නැතුව. එක තැනකට ඈවිත් නැවතුනා එතනින් එහාට scan උනේ නෑ. ඒත් මම දැක්කා හාඩ් එකේ මැද හරියෙ කිසිම ගැටළුවක් නැති විදිය.

ඔන්න එතකොට තමා මට මොලේ පෑදුනේ. මම කරපු වැඩේ සම්පූර්න හාඩ් එකම 10GB කෑලි දහයකට කැඩුවා 🙂 පස්සෙ එකින් එක scan කරගෙන ගියා. බොහොම සතුටුයි කියන්න 10 යෙ කෑලි 3ක් හොයා ගත්තා කිසිම ලෙඩක් නැති. ඒ partition 3න් දෙකක් එක ලග තිබුනෙ අනික වෙන තැනක තිබුනෙ. එක ලග තිබුන දෙක මම එක partition එකක් කලා. අනික එහෙමම තිබ්බා. අර ලෙඩ තියෙන partition හතම hidden කරලා දැම්මා.

පස්සෙ ඉතින් මම මේ හැදිලා තියෙන partition දෙක format එහෙම කරලා file ටිකක් copy වෙන්න දැම්මා. මෙන්න බොලේ කිසි අවුලක් නැතුව වැඩ. 30GB ම කොපි වුනා. මට දැනෙන සතුට කියා ගන්න බැරි හින්දා තමා මේ ලිපිය ලිවුවෙ.කොහොම හරි ඉතින් 100GB හාඩ් එකක් වැඩකරන 30GB කට බැස්සුවා. ඒත් ඉතින් 30GB කියන්නෙත් හරි ලොකු ගානක්නෙ නේද.තාම මම අයිතිකාරයට මේක දුන්නෙ නෑ. එයාට ටිකක් වැඩ වැඩී මේ දවස් වල පස්සෙ දෙනවා.

මම දන්නෙ නෑ මේක තව කී දවසක් වැඩ කරයිද කියලා ඒත් හරියට පාවිච්චි තලොත් ගොඩක් කාලයක් use කරන්න පුළුවන් බව නම් මට විස්වාසයි. මම දන්නෙ මෙච්චරයි කොහොම හරි දගලලා මේක මම හදපු බව.

ඒ වගේම කියන්න ඕනෙ මෙච්චර වෙලා මේක කියවපු ඔයාලට ගොඩක් ස්තූති වෙන්න ඕනෙ. මතක් කරලා හිතන දේ ලියලා යන්න. මම එහෙනම් යනවා කස්ටියටම සුභ දවසක්.

හාඩ් එක කැඩිලද….මේ විදියට කරලා බලන්න. (1වන කොටස)

අද කියන්න යන්නෙ ටිකක් දිග ඒ වගේම මම ලබපු අපූරු අත්දැකීමක් ගැන තමයි. දවස් දෙකකින් ලිපියක් ලියන්න බැරි උනා. ලියන්න බැරි උනේ වෙන මොකක්වත් නිසා නෙමේ පලවෙනි දවසෙනම් ලියන්න කියලා හිතාගෙන හිටියට අපේ ලංකාවේ විදුලිබල මන්ඩලය මගේ ලිපියට කොක්ක දැම්මා උදේ ඉදලා විදුලිය තිබුනෙ නෑ හවස හයට විතර තමා ආවෙ. දෙවෙනි දවසෙ ලිපියක් ලියන්න බැරි උනේ මගෙ තියෙන කම්මැලි කමට. අද ඉතින් මෙතන ඉද ගත්තෙ මම ලබපු අත්දැකීමක් ප්‍රතම වරට ඔයාලත් සමග බෙදා හදා ගන්න තමයි. මේක මම පුදුම ගේමක් දීලා ගොඩ දාගත්තු හාඩ් ඩිස්ක් එකක් ගැන තමා අද කියන්න යන්නෙ.

මුලින්ම කියන්න ඔනේ මේක මට ලැබුන විදිය. මේකෙ තියෙන වැදගත්ම දේ තමයි මේක සාමාන්‍ය හාඩ් ඩ්ස්ක් එකක් නෙමේ අතේ අරගෙන යන usb portable hard disk එකක්. මේක ගැන කියනවනම් මුලින්ම කියන්න ඕනෙ මගෙ හොද යාළුවෙකුගෙ. එක දවසක් මම මෙයාලගෙ ගෙදර ගිය වෙලාවක කිවුවා  එයාගේ තියෙන portable hard එක format කරන්න ගත්තට වෙන්නෙ නෑ කියලා. මමත් ටිකක් අරගෙන බලද්දි format විතරක් නෙමේ 4GB ක් විතර fයිල් කොපි වෙලා මේක හිර වෙනවා. මම දැන ගත්තා මේකේ bad sectors ඇවිල්ලා තමා කියලා නිකමට ට්‍රයි එකක් දුන්නා හදන්න. මුලින්ම කලේ වෙන මොකක්වත් නෙමේ low-level format tool එකක් අරගෙන මේක format කරලා බලපු එක. විනාඩි විස්සකින් විතර ගිහින් වැඩේ හරි කියලා වැටුනා. මම ඉතින් කරපු වැඩේ මේක ගලවලා ආයෙ ලැප් එකට සම්භන්ද කරලා බැලුවා. මල හත්ඉලවුවයි තිබුන ටිකත් නෑ. දැන් ඉතින් අර පෙන්නපු ටිකවත් පෙන්නන්නෙ නෑ. හැබැයි ඉතින් device manager එකට අරගෙන තිබුනා. පස්සෙ ටිකක් ජන්ජාලෙ හොයලා බලද්දී දැක්කා low-level format කලාට පස්සෙ ආයේ partition create කරන්න ඕනෙ කියලා. අනේ ඉතින් හාඩ් එක පැත්තකට දාලා partition magic කියන software එක හොයන්න ගත්තා. මොකද මම ඔය partition magic කියන එකෙන් කලින් සෙල්ලම් ටිකක් දාල තිබුනා.  පස්සෙ ඉතින් ටොරෙන්ට් එකෙන්ම PowerQuest PartitionMagic කියන එක ගත්තා key එකක් එක්කම. කොහොම හරි දගලලා ඒකත් හදාගෙන අර හාඩ් එකේ partition එක create කර ගත්තා. දැන් ඉතින් නමෝ විත්තියෙන් ලැප් එකේ තිබුන film ටිකක් පිරෙන්න දැම්මා. හෙන ගහන්න මෙන්න මේක ආපහු හිර උනා නොවැ. කොහොම හරි ඉතින් ටිකක් කල්පකා කරලා windows වල එන disk check එකෙත් චෙක් වෙන්න දැම්මා. පැයක් විතර ගියා මේක වෙනවා නෙමේ බඩගානවා එතකොට වෙලාව රෑ දහයට විතර ලග නිසා මම ගෙදර එන්න ආවා මොකද මම මේ ඔක්කොම කලේ මගෙ යාළුවගෙ ගෙදර ඉදන්. ගෙදර ගිහින් මේ ගැන හිත හිත හොදට නිදා ගත්තා.

ආ තව ටිකෙන් අමතක වෙනවා මම මේ හදන්න හදපු portable HDD එක 100GB එකක්. පිටින් කිසිම brand එකක නමක් සදහන් කරලත් තිබුනෙ නෑ. තිබුනෙ colour polor කියලා විතරයි. අනික ජන්ජාලෙ මම ඒ නමින් හොයලා බැලුවට හරි හමන් තොරතුරක් හොයා ගන්නත් බැරි උනා.ඕනෙ නම් ඔය පහල  තියෙන පින්තූරෙන් බලන්න පුළුවන් ඒක හැබැයි ඉතින් සමා වෙන්න ඕනෙ මේ පින්තූර ගැහුවෙ රෑ මගේ webcam එකෙන් ඒක නිසා පින්තූර නම් අන්තිමයි

ඔන්න ඉතින් පහුවෙනිදා වැඩේ හරිද කියලා බලන්නවත් මගෙ යාළුවව මට හම්බඋනේ නෑ. මොකද මිනිහට බරටම වැඩ. පස්සෙ ඉතින් දවස් දෙකකට විතර පස්සෙ මම මගේ යාළුවට කෝල් එකක් අරගෙන අහුවා කොහොමද වැඩේ හරිද කියලා. එතකොට තමා දැන ගත්තෙ ඒත් ඒ ලෙඩේ එහෙම්මම තියෙනවා කියලා. පස්සෙ මම එයාට කිවුවා මට ටිකක් ඕක දෙන්න මම හදන්න ට්‍රයි එකක් දෙන්නම් කියලා.ඊට පස්සෙ පහු වෙනිදාම මට මේක ලැබුනා.ඔන් දැන් තමා ගේම පටන් ගන්නෙ.

මේකට මොකද කරන්නෙ කියලා හිත හිත ඉන්නකොට දන්න කියන කෙනෙක් ගෙන් මේ ගැන අහන්න හිතුනා. එවලෙ gtalk වල online හිටියා මම දන්න කියන නදුන් රනවීර කියලා මගේ යාළුවෙක් මිනිහව මම දැන ඈදිනගෙන දවස් දෙකක් නෑ ඒ වෙනකොට. ඒ වගේම එයා තමා ලාංකීය බ්ලොග් කියවනය කියන සින්ඩියෙ නිර්මාතෘ. මෙයාගෙන් මම කලින් අහගෙන් තිබුනා wordpress.org එකෙන් තමන්ගේ host සහ domen එකකට wordpress in-stole කර ගන්න විදිය. මම හිතුවා මිනිහා දන්නවා ඈති කියලා. ඒත් අවාසනාවකට වගේ එයත් වැඩිය ඔය දේවල් ගැන දන්නවා අඩුයි කිවුවා. හැබැයි එයා කිවුවා TechKatha google සමූහයට දැම්මොත් පිලිතුරක් ලැබෙයි කියලා. මමත් එවලෙම techkatha වලට මේල් එකක් යවුවා. එදා හවස් වෙන කොට සුසන්ත කියලා කෙනෙක් පහත තියෙන විසදුමක් ලබා දීලා තිබුනා.

පොඩ්ඩක් ඩොස් කමාන්ඩ් එකෙන් ෆෝර්මැට් කරල බලන්න.
format z: /fs:NTFS

මේකේ Z වෙනුවට හාඩ් එකේ Drive letter එක දෙන්න.

හරි ගියේ නැත්තනම් තැටියේ භෞතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ඕකට හොඳම වැඩේ හාඩ් එක පාටිෂන් හතරකට වගේ කඩන්න. වෙන මෘදුකාංගයක්
පාවිච්චි නොකර Right click on my computer> manage> Storage> Disk
management(Local) වලට ගිහින් කරගන්න පුළුවන්.

එතකොට ඔය අවුල නැති හරියේ තියෙන පාටිෂන් ටික වැඩ කරන්න පුළුවන්.

තව බෑඩ් සෙක්ටර් රෙපයාර් ටූල්ස් මෘදුකාංගත් තියනවා. ඒත් පාවිච්චි කරන්න
ඕන පරිස්සමින්. ගොඩක් වෙලාවට හාඩ් ඩිස්ක් එකේ නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ
මේ වගේ මෘදුකාංගයක් බාගත කරගන්න තියෙනවා.

ඒ නිශ්පාදකයා වෙනුවෙන්ම හදපු මෘදුකාංගයක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි.

පස්සෙ මිනිහට පින් සද්ද වෙන්න මම මේක හදන්න ක්‍රම කිහිපයක් හොයා ගත්තා. ඔය ඕකෙ තියෙනවා වගේ මුලින්ම කරන්න ගත්තෙ dos command එකෙන් format කරන්න හදපු එක. අවාසනාවට ඒකත් හරි ගියේ නෑ. 24% ගිහිල්ලා හිර වෙලාම තියෙනවා. ඊට පස්සෙ කරන්න ගත්තෙ partition වලට කඩන්න ගත්ත එක. මෙයා කියලා තියෙන විදියට windows වලින් කරන්න මට හැකියාවක් තිබුනෙ නෑ. මොකද මම පාවිච්චි කරන්නෙ wondows xp නිසා. ඒක නිසා පරන විදියටම partition magic කියන එකේ පිහිට පතන්න සිදු උනා.

ඊට පස්සෙ තමා හරි හරි දේවල් සිද්ද උනේ. ඒත් ඉතින් හිතපු නැති විදියට මේ ලිපිය ගොඩත් දිග වුනා ඒ නිසා කොටස් දෙකකට ලියන්න සිදු වෙනවා. මේ ටික කියෙවුවා වගේ ඉතිරි ටිකත් කියවන්න කියලා කරුනිකව ඉල්ලා සිටිනවා.

දෙවෙනි ලිපිය හැකි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වෙන ගමන් මම යනවා. යන්න ඉස්සෙල්ලා සතුටින් කියන්න ඕනෙ මම මේක කොහොම හරි කරලා ගොඩ දා ගත්තා ඒ විතරක් නෙමේ මේක මසුත් කලා :). මේක කියවලා මොකද හිතෙන්නෙ කියලා අමතක නොකර ලියලා යන්න. දැන් වචන 892 යි. කියන්න සතුටුයි මම ලියපු දිගම ලිපිය. දැන් ටිකක් keyboard එකෙන් සින්හල ටයිප් කරන්නත් හුරුයි. මම එහෙනම් යනවා දෙවෙනි ලිපියෙන් හම්බවෙනකන් කස්ටියටම බායි කිවුවා.

දෙවෙනි ලපියට මෙතනින් යන්න.

පරිගනකය ලෙඩ දෙනවද…මෙන්න විසදුම (SFC)

අද කියන්න යන්නේ කවදා හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන දෙයක්.කොහොමත් කාගෙ කොම්පියුටරයක් උනත් කවදා හරි දවසක ලෙඩ දෙනවනෙ.ලෙඩ කියපුවම ඉතින් විවිධාකාර ඒව තියෙනවා නොවැ. මම කියන්න යන්නෙ ඔයාලගේ පරිගනකයේ system file වලට මොනවා හරි වෙලා නම් ඒවා නිවැරදි කර ගන්න ආකාරය ගැන.මෙම ක්‍රමය මගින් ඔය කම්පියුටරේ තියෙන එක එක ලෙඩ හදාගන්න පුළුවන්.එක එක ලෙඩ කිවුවෙ ඔන් වෙනකොට නැවත නැවත restart වෙන ඒව, සමහර විට boot වෙන්නෙම නැතුව එක එක file වර්ග නැති උනා කියන ඒවා කොහොම හරි ඔන් උනොත් struck වෙලා තියෙන ලෙඩ වගේ තව ගොඩක් ඒවා හදා ගන්න පුළුවන්.

ඊට ඉස්සෙල්ලා කියන්න ඕනෙ මෙහෙම වෙන්නෙ ඈයි කියලා. ප්‍රධාන ලෙසම මෙහෙම වෙන්නෙ system file වලට හානි සිදු උනාම. මෙහෙම හානි වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙන්න පුළුවන්. එකක් එකපාරටම විදුලිය විසන්දි වීම, අනික virus ආසාදනයක් නිසාවෙන්නත් පුළුවන්. මේ දෙක විතරක් නෙමේ තව හේතු කන්දරාවක් බලපාන්න පුළුවන්.

දැන් බලමු මේක කොහෙමද කරන්නෙ කියලා. මේක වින්ඩෝස් Xp වල හා Vista හෝ 7 වගේ මෙහෙයුම් පද්දති වල කිසිම ගැටළුවක් නැතිව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම තමා මේක ක්‍රියාත්මක කල පසු ඈතැම් අවස්ථා වලදී තමන් පාවිච්චි කරන මෙහෙයුම් පද්දතියේ CD එකක් හෝ DVD එකක් ඉල්ලා සිටිනවා ඒ හේතුව නිසා කෝකටත් කියලා එකක් ලග තියාගෙන ඉන්න එක වටිනවා.

හරි දැන් බලමු මේක ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියලා. මම වින්ඩෝස් Xp වල ක්‍රියාත්මක කරන ආකාරය රූප සටහන් මාර්ගයෙන් ​පෙන්නන්නම්. හරි දැන් මුලින්ම run එකට යන්න ඕනෙ. ඒ සදහා start ගිහින් run කියන එක ඔබන්න. ලේසිම වැඩේ තමා windows බොත්තමත් සමග R අකුර එබීම මගින් run එකට යන්න පුළුවන්. දැන් ඒකට ගියට පස්සේ cmd කියලා ටයිප් කරලා command prompt එකට යන්න ඕනෙ.

හරි දැන් ගියාට පස්සේ  ඒකෙ ටයිප් කරන්න ඕනෙ sfc/scannow කියලා. හරියට ඔය පහල තියෙන පින්තූරෙ වගේ.

දැන් ටයිප් කරලා ඉවර උනාට පස්සෙ enter එක ඔබන්න ඕනේ. එතකොට ඉතින් System File Checker එක ක්‍රියාත්මක වෙන්න ගන්නවා හරියට ඔය පහල තියෙන එක වගේ.

ඔන්න දැන් ඉතින් මෙමගින් ඔයාලගෙ පරිගනකයේ system file check කරන්න ගන්නවා. ඔහොම වෙද්දී එක පාරටම පහල තියෙනවා වගේ එකක් ආවොත්

එතකොට windows CD එක දාන්න ඕනෙ. එතකොට හානි වෙලා තියෙන system file හදන්න ගන්නවා.

මම මේ දැන් කියලා දුන්නෙ කොහොම හරි කරලා ඔන් වෙන පරිගනකයකනෙ. දැන් බලමු ඔන්වෙන්නෙ නැති ඒවා කොහොමද කරන්නෙ කියලා. මුලින්ම පරිගනකය boot වෙන්න ඉස්සෙල්ලා F8 බොත්තම ඔබන්න ඕනෙ. එතකොට පහත වගේ එකක් එයි.

එයින් safe mode with command prompt කියන එක තෝරලා enter එක ඔබන්න. එතකොට කොහොම හරි කියලා boot වෙලා කලින් වගේ command prompt එකට එයි ඕන් ඉතින් එතකොට කලින් කියලා දුන්නා වගේ වැඩේ කරන්න තමා තියෙන්නෙ.

ඔන්න එහෙනම් අදට කියලා ඉවරයි. ගැටළුවක් එහෙම තියෙනවා නම් අහන්න. කස්ටියටම සුභ දවසක් වේවා. මතක් කරලා හොද නරක කියලා යන්න.

කරදරකාර start-up program ටික වහන විදියක්

කස්ටියටම සුභ දවසක්. අද කියන්න යන්නෙ ගොඩක් අය දන්න දෙයක්. දන්නෙ නැති කවුරු හරි ඉන්නවානවා නම් එයා​ට ප්‍රයෝජනවත් වෙයි වෙයි කියල හිතල තමා කියන්න යන්නෙ. මම මේ කියන දෙයින් ඔයාලගෙ පරිගණකයේ වේගය වැඩි වෙනවා වගේම ඔන් වෙන එක ඉක්මන් කර ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ මොනවා හරි වයිරස් එකක් එහෙම ඈවිත් ඒක windows ඔන් වෙනකොටම කරදර කරනවා නම් මේ ක්‍රමය මගින් ඒකත් නවත්ව ගන්න පුළුවන්. ඔක්කොටම කලින් කියන්න ඕනෙ මෙම ක්‍රමය වැඩ කරන්නෙ වින්ඩෝස් වල.

හරි දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියලා. ඔයාලගෙ ලෙහෙසියටත් එක්ක මම පියවරෙන් පියවර රූප සටහන් මගින් කියලා දෙන්නම්.මුලින්ම run එකට යන්න ඕනෙ. ඒ සදහා start ගිහින් run කියන එක ඔබන්න. ලේසිම වැඩේ තමා windows බොත්තමත් සමග R අකුර එබීම මගින් run එකට යන්න පුළුවන්.

හරි දැන් ගියාට පස්සෙ ඒකෙ ටයිප් කරන්න දෙයක් තියෙනවා ඒක තමා msconfig කියන එක. ඔය පහල තියෙන විදියට ටයිප් කරා නම් හරි.

හරි ඒ විදියට හරියට ටයිප් කරලා ok කියන එක හරි enter බොත්තම හරි එබුවම පහල තියෙන එක වගේ System Configuration Utility එක එයි. ඔන්න ඕකෙන් තමයි වැඩේ කරන්න තියෙන්නෙ.

මේකෙන් මම කියන්න යන දෙයට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුළුවන් තව තව ලිපි වලින් ඒව කියලා දෙන්නම් අදට මේක බලන්නකෝ. හරි දැන් මේකට ගියාට පස්සෙ ඔය උඩින්ම තියෙන startup කියන tab එකට යන්න. ගියාට පස්සෙ එය පහලින් තියෙන විදියට පේන්න ගනී.

ඔන්න දැන් ඉතින් තියෙනවා ඔයාගේ pc එක ඔන් වෙනකොට ක්‍රියාත්මක වෙන program ටික. බැලූ බැල්මට ටිකක් විකාරයක් වගේ පෙනුනට හොදට බැළුවොත් ඔක්කොම ඒවා තියෙන තැනත් එක්කම බලා ගන්න පුළුවන්. දැන් ඕක දිහා හොදට බලලා තමන් දන්න කියන ඔන් වෙනකොට කරදර කරන program එකක් එහෙම තියෙනවා නම් වහලා දාන්න පුළුවන්. හරියට ඔය පහලින් තියෙන විදියට මම වගේ.

වහන program ටික තෝරන එක ඔයාට බාරයි. මොකද ඔය එක එක ඒවෑ මොන මොනා තියෙනවද කියලා මම කොහොමද දන්නෙ 🙂 .

හරි දැන් ඕන කරන ඒවා තෝරලා එහෙම ඕන නැති ඒවා අයින් කරලා අයින් වෙන්න ඕනෙ නම් Apply කරලා ඔය තියෙන Ok කියන එක එබුවම පහල තියෙනවා වගේ එකක් එයි.

ඒක නම් ඉතින් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන්ම බලා ගන්න ඕනෙ නම් දැන්ම restart කරන්න පුළුවන්. ඕනෙ නැත්තම් Exit without restart කියන එක ඔබන්න පුළුවන්.

ආ තව කියන්න දෙයක් තියෙනවා. මේ වැඩේ මීට වඩා හොද​ට කරන්න පුළුවන් software තියෙනවා මම tune up කියලා software එකක් මීට කලින් පාවිච්චි කරලා තියෙනවා. මීට අමතරව තව ගොඩක් දේවල් මේ software එක මගින් කරන්න පුළුවන්. ඕනෙ නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. හැබැයි මේක free දෙන්නෙ ටික දවසයි. ඕනෙ නම් ඉතින් ඔයාලට පාවිච්චි කරලා බලන්න පුළුවන්.

අදට ඉතින් මේ ටික තමා කියන්න තියෙන්නෙ. වෙනදා වගේම මොනවා හරි හිතුනා නම්,  වැරදි තියෙනවා නම්,  බනින්න එහෙම තියෙනවා නම් බනින්න. කොහොම හරි කරලා comment එකක් දාලා යන්න. ගැටළුවක් එහෙම තියෙනවා නම් අහන්න. මම එහෙනම් යනවා කස්ටියටම සුභ දවසක්.

 

Nokia පෝන් වලට එක එක ලොකු දේවල් කරන විදියක්

අද කියන්න යන්නේ අළුත්ම දෙයක්. මොනවද අද ලියන්නෙ කියලා හිත හිත ඉන්නකොට තමා ටෙක් කතා වල කෙනෙක් අහල තිබුනු දෙයක් මතක් උනේ. මේ මම දැන් කියන්න යන්නෙ ටිකක් සීරියස් එකක් මොකද කියනවා නම් මේ ක්‍රමය මගින් ඔයාලගේ nokia දුරකථන වලට එක එක දේවල් කරන්න පුළුවන්. එක එක දේවල් කිවුවෙ දුරකථනයෙ හැම දෙයක්ම වගේ බලා ගන්න පුළුවන් ඒ විතරක් නෙමේ දුරකථනය farmware එක update කරන්න එහෙම උනත් පුළුවන්. තව සම්පූර්ණයෙන් අළුතින්ම තමන්ට ඕන කරන flash file එකක් උනත් හොයලා දාන්න පුළුවන්. තව පෝන් එක විකුනන්න යනවා වගේ නම් ඔක්කොම call time එහෙම reset කරලා දාන්න පුළුවන් මොන කෝඩ් එක ගැහුවත් හොයා ගන්න බැරි වෙන්න. තව දෙයක් තියෙනවා මේක මගින් ඔයාලගේ දුරකථනය ලොක් වෙලා නම් ඒක ඈර ගන්න උනත් පුළුවන්(ඒක නම් හැබැයි මම කරලා නෑ) :p .

තව දෙයක් තියෙනවා මේක මගින් farmware update කරනවා නම් ඒක  nokia pc suite එක හරහා update කරනවට වැඩිය සීරියස්. සාමාන්‍යයෙන් මෙම software එක use කරන්නේ flash box එක හරහා ෆ්ලෑෂ් කරන්න. නමුත් මේ විදියට usb cable එක හරහා කරන්නත් පුළුවන්.ඒ කියන්නෙ දුරකථනය box එකට ගහල කරන දේවල් මේ ක්‍රමය මගින් usb cable එක හරහා කරන්න පුළුවන්. මුලින්ම මේකට ඕනකරන software එක ගන්න ඕනේ. ඒකට මේ පහල ලින්ක් 1න් යන්න. මෙතන කොටල උනත් පුළුවන්. තව මෙතන කොටලා torrent වලින් ගන්න පුළුවන්.

http://www.filestube.com/dd1a0a68c03539dc03ea/go.html

හරි දැන් ඔයා ඕක ගත්තට පස්සේ ඔය ඔකේ තියෙන ඔක්කොම නිවරෙදිව in stole කර ගන්න ඕනේ. ඔක්කොම කියන්නෙ හැම දෙයක්ම හරියට කර ගන්න ඕනෙ.  හරි කොහොම හරි දැන් දගලලා ඔය Phoenix කියන එක ඇතුලට යන්නකෝ. පස්සේ usb driver හදා ගන්න ඕනේ. ඒකට පහල තියෙන link 1න් ගිහින් video එක බලන්න. ආ තව මේ video එක nokia 3110c එකක් flash කරන විදියේ 1ක්. ඒකට කමක් නෑ ඔක්කොම එක විදියට යන්නේ. හැබැයි ඔන්න ඔය වීඩියෝ එක නම් මගෙ නෙමේ. ඒ උනාට මම පලවෙනි එක flash කලේ මේකෙන් බලාගෙන.

දැන් ඉතින් video එකේ විදියට හරියට කරගෙන පෝන් එක pc එකට සම්බන්ද කරන්න(දෙන්න ඕනේ nokia mode විදියට) .ඔය ඔක්කොම හරියට කරලා නම් Phoenix මගින් පෝන් එක අදුන ගන්න ඕනේ. දැන් ඉතින් වැඩේ කරන්න තමා තියෙන්නේ….. ඔයාට මෙමගින් ගොඩක් flash file හොයා ගන්න පුළුවන්. හරි එක බලලා දා ගන්න ඕනේ. කරුමෙකටවත් වෙන භාෂාවක් සෙට් උනොත් ඉවර තමා. තව තව ගොඩක් වැඩ කරන්න පුළුවන් ටිකක් ඕක use කරද්දී තේරෙයි.

100% කියන්න පුළුවන් මෙම ක්‍රමය වැඩ කියල.මොකද මමත් පෝන් 10ක් විතර මේ විදියට කරලා තියෙනවා. හැබෑ පුතෝ පෝන් එකට මොනවා හරි උනොත් මාව එහෙම කන්න හදන්න එපා. කොහොමත් පොඩි risk 1ක් ගන්න වෙනවා. මොනවා හරි උනොත්. කඩේකට ගිහින් box එකට ගහල අයේ flash කර ගන්න තමා වෙන්නේ. ඒකට ඉතින් ගානක් යනවා.

මොනවා හරි හිතුනා නම් ලියන්න වැරදි තියෙනවා නම් පෙන්නලා දෙන්න. බනින්න තියෙනවා නම් බනින්න. කොහොම හරි කරලා comment එකක් දාලා යන්න. ගැටළුවක් එහෙම තියෙනවා නම් අහන්න.

කස්ටියටම සුභ දවසක්.

අතීතය රැක ගන්න

ඔබේ බ්‍රවුසරයේ අතීතය අරක්ෂා කොට තබන්න

ඔන්න මම අද කියන්න යන්නේ  ටිකක් අළුත් දෙයක්. අළුත් කිවුවට මේක මාර පරනයි. මතක ඇතිනෙ ඊයෙ මම කිවුව සයිට් එක ගැන. ඒ වගේම ජාතියේ එකක් තමා අද කියන්න යන්නෙ. සයිට් එකක් නෙමේ හැබැයි අන්තර්ජාලය හා සම්බන්ධ දෙයක්. කට්ටියම දන්නවනෙ web browser ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මම අද කියන්න යන්නෙ මේ  web browser හා සම්බන්ධ දෙයක්. කාටත් තියෙන ප්‍රශ්ණයක් තමා මේවා වල ගබඩා වෙලා තියෙන පරන මතකයන් හා password ආරක්ෂා සහිතව තියාගන්න බැරි වීම. හදිසියේ හෝ පරිගණකයට කිසියම් සිද්දියක් සිදු වී තමන්ගේ මතකයන් සියල්ල නැති වී ගියහොත් එතෙක් කාලයක් තබාගෙන සිටි සියළුම මතකයන් හා password ලබා ගැනීමට නොහැකි වීම. හදිසියේ හෝ මෙවැනි දෙයක් වූ විට තමන් සියළුම තොරතුරු නැවත ඇතුලත් කල යුතු වන්නේය. මම අද කස්ටියට කියලා දෙන මේ පුන්චි දෙයින් ඔබලා හට ඒ සිදුවන්නා වූ පාඩුව මගහැර ගත හැකි වනු නියතය.

මෙම ක්‍රමය ඇඩෝනයක් ලෙස තමන්ගේ බ්‍රවුසරයට එක් කර ගත හැකිය. මෙහි ඇති ප්‍රධානතම වාසිය වනුයේ මෙම ඇඩෝනය දැනට ඇති බොහොමයක් බ්‍රවුසර් සදහා සහය දැක්වීමයි. ඒ විතරක් නෙමේ තව apple Iphone වලටද මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියා කරනු ලැබේ. ඔයාලට මෙතන කොටලා එහි ප්‍රධාන පිටුවට යන්න හැකි වේ. මෙම ඇඩෝනය නමින් xmarks  වේ. තවද මෙය ආරක්ෂාව අතින්ද ඉතා ඉහල තැනක් ගනී. දැන් අපි බලමු මෙය ක්‍රියාත්මක වන ආකාරය පිලිබදව හා මෙය නිවැරදි අයුරින් ස්ථාපනය කර ගන්නා ආකාරය පිලිබදව.

මුලින්ම මෙතනින් xmarks ප්‍රධාන පිටුවට ගිහින් ඔබේ බ්‍රවුසරය තෝරා එම ඇඩෝනය සථාපනය කර ගන්න. ඉන් පසුව නිවරැදිව ස්ථාපනය වූයේ තම් ඔබේ බ්‍රවුසරයේ එහි පින්තූරයක් පෙනෙනු ඇත. නැත්නම් එය ස්ව්‍යන්ක්‍රීයව ආරම්භ වී ඔබෙන් user name සහ password ඉල්ලයි. නමුත් ඔබ දැනට එහි සාමාජිකත්වය ලබා නැතිනම් එහි ඇති නව සාමාජිකත්වය මගින් අළුතින් ගිනුමක් විවෘත කර ගත හැක. එහිදී නව username එකක් සහ රහස් පදයක්ද ඒ සමග ඊමේල් ලිපිනයද ලබා දීම මගින් නව ගිනුමක් විවෘත කර ගත හැකි වේ. පසුව ඔබට එම xmarks හරහා ඔබගේ තොරතුරු හුවමාරු කර ගත හැකි වේ. තවද යම් කිසි දවසක පරිගණකය නැවත වරක් කුමක් හෝ සිදුවුවොත් හෝ නැතිනම් ඔබ විසින් නව පරිගණකයක් ගත්තද ඔබට කල යුතුව ඇත්තේ පෙර  ලෙසම ඇඩෝනය ඇතුලත් කර ඔබගේ පෙර ඇතුලත් කල username හා  password ලබා දී ඇතුල් වී xmarks සමග synchronize කිරීම පමනයි. එවිට ඔබගේ පෙර තිබූ අයුරින්ම බ්‍රවුසරය පත් වේවි.

පහත රූප සටහන් ඔස්සේ එහි රූප කිහිපයක් දැක ගත හැකි වනු ඇත.

ඉහත දක්වා ඇති ආකාරයෙන් ඔබගේ බ්‍රවුසරයේ දත්ත හා අනෙකුත් අත්‍යවශය දේවල් ආරක්ෂා කර ගන්න පුළුවන්.වෙනදා වගේම මතක් කරලා යනකොට comment එකක් දාලම යන්න හොදේ 🙂

හරියට ලෙඩේ හොයා ගන්න

power supply එක වැඩද කියලා බලන්න විදියක්.

අද මම කියලා දෙන්න යන්නේ ටිකක් වෙනස් විදියක වැඩක්. මේක පරිඝණක දෘඩාංග වැඩක්. ඉදලා හිටලා මේ වගේ ලිපියකුත් ලියන්නම්. ගොඩක් අය පරිඝනක පාවිච්චි කලාට මොනවා හරි උනොත් කරන්නෙ ගත්තු තැනට ගිහින් දීලා හදා ගන්න එකනේ. මම ඉතින් මේ ලියන්න පටන්ගත්ත බ්ලොග් එකෙන් පරිඝණකයට මොනවා හරි උනාම හදා ගන්න ආකාරය, එක එක විවිධ වූ තාක්ශණික ක්‍රම පිලිබදව එහෙම කියලා දෙන්නම්. කොහොම හරි අද මම කියලා දෙන්න යන්නේ cpu එකට විදුලිය බෙදා හරින power supply එක වැඩද නැද්ද කියලා බලන විදියක් ගැන. කට්ටිය දැන් බලනවා ඇති මේ මොකක්ද කියල. මේ ක්‍රමය මගින් ප්‍රධාන මවුපුවරුවද නැතහොත් වෙනයම් කිසි හේතුවක් නිසා තමාගේ පරිඝණකය ක්‍රියා විරහිත වී ඇත්නම් එහ දෝශය හරියාකාරව බලාගන්න පුලුවන්. උදාහරනයක් ලෙස තමන්ගේ‍ පරිඝණකය ක්‍රියාත්මක වෙවී තිබී හදිස්සියේම එය ක්‍රියා විරහිත වුවහොත් තමන්ට නිගමන කිහිපයකට එලබිය හැකි වනු ඇත. එනම් මවු පුවරුවේ හෝ වෙනත් කොටසක දෝෂයක් ලෙස නැතිනම් මේකෙ කාලය හරි තමා කියලා 🙂 නමුත් මෙම දෝෂය හරියාකාරව නිරාකරනය කර ගැනීම සදහා කිසියම් ක්‍රම කිහිපයක් මගින් අක්‍රීය වූ කොටස හදුනා ගත යුතු වේ. මෙසේ හදුනා ගැනීම සදහා මම මේ කියන්නට යන්නා වූ කාරනාව වැදගත් වේ යයි මම සිතමි.

මොනවා කරන්නත් ඉස්සෙල්ලා ඔබේ පරිඝණකය ලබා ගත් ස්ථානය මගින් ලබා දී ඇති වගකීම පිලිබදව සැලකිලිමත් වන්න. ඇතැම් අවස්ථා වලදී පරිඝණකයේ මෙසේ වෙනස් කම් සිදුකිරීමට යාම නිසා ඔබගේ වගකීම අහෝසි වීමට ඉඩ කඩ තිබේ. ඔබේ පරිඝණකයේ වගකීම කල්ඉකුත් වී ඇත්නම් මෙම ක්‍රමය ගැටලුවක් නැත. නමුත් පරිඝණක දෘඩාංග පිලිබදව මූලික දැනුම නැතිව මෙම දේවල් අත්හදා බැලීමට යාම ඔබටත් පරිඝණකයටත් අනුතුරුදායක විය හැක.

කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක වෙනවා. හරි අපි දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියලා. මුලින්ම ඔබේ පරිඝණකයේ power supply එක මවු පුවරුවට හා අනෙකුත් දේවල් වලට සම්බන්ධ වී ඇති සියලු වයර් ගලවන්න. ඉන් පසුව එහි ඇති විශාලම වයර් ගොනුව සොයා ගන්න. එය එක එල්ලේම මවුපුවරුවට සම්බන්ද වන වයර් 19 කින් ඇති සොකට්ටුවකි(මෙම අගය වෙනස් වීමට ඉඩ ඇත). එහි ඇති වර්න නිරීක්ශනය කල විට ඔබට කළු පාට වයර කිහියයක් හා එක් කොල පාට වයර් එකක් දැක ගැනීමට හැකිවනු ඇත. මෙහි කළු පාට වයර( -අගය) සහිත වේ. නමුත් මෙහි ඇති කොළ පාට වයරය power supply එකක්‍රියාත්මක වීමට අදාල වයරය යි. අප විසින් තනිවම මෙම power supply එක ක්‍රියාත්මක කිරීමට නම් මෙම කොළ වයරය හා එක් කළු වයරයක් එකට සම්බන්ද කල යුතු වේ. මේ සදහා කුඩා කම්බි හෝ වයර් කැබැල්ලක් යොදා ගැනීමට පුලුවනිය. මෙසේ සම්බන්ද කර විදුලිය ලබා දුන් පසු power supply එක මවු පුවරුව නැතිව ක්‍රියාත්මක වේ. නැත්තන ඉතින් අඹ සරනයි තමා 🙂 .

මෙම වයර නිවරැදිව සම්බන්ධ කරන ආකාරය මම පහත රූපයේ දක්වා තිබේ.

සම්බන්ද කරන අයුරු

මෙම ක්‍රමය අත්හදා බැලීම මගින් දෝෂය ඇත්තේ මවු පුවරුවේද නැතිනම් power supply එකේද කියා සොයාගත හැක. නමුත් මවුපුවරුවේ දෝෂයක් යයි හරියට කිව නොහැක. power supply එක ක්‍රියාත්මක වන්නේ නැතිනම් නියත වශයෙන්ම එය අක්‍රිය වී ඇත.

වෙනදා වගේම කියන්න තියෙන්නෙ මතක් කරලා comment එකක් දාලා යන්න 🙂 .

ලෝකයේ ඹ්නෑම පරිගනකයක් එක තැනක සිට හසුරුවන්න

වෙලාව ඉතිරිකරගෙන වැඩේ කර ගන්න

අද මගේ තුන් වෙනි දවස. මම අද කස්ටියට කියන්න යන්නේ තවත් පරිඝණකයකට අන්තර්ජාලය ඹස්සේ පිවිසෙන නියම ක්‍රමයක් ගැන. කට්ටිය බලනවා ඇති මේ මොකක්ද කියලා. මේ ක්‍රමය මගින් ලෝකයේ ඹ්නෑම තැනක තිබෙන පරිඝණක දෙකක් සමග එකට සම්බන්ද වෙන්න පුලුවන්. අත්‍යවශය වන්නේ පරිඝණක දෙකේම අන්තර්ජාල සම්බන්ද තාවය විතරයි.මේ ක්‍රමය මගින් ලැබෙන ප්‍රධානතම වාසිය නම් කාලය සහ ශ්‍රමය ඉතිරි කරගෙන කරන්න තියෙන වැඩේ හරියට කරන්න ලැබීම. තව විස්තර කියනවා නම් මේ ක්‍රමය සදහා පරිගඝණක දෙකම භාවිතා කරන්නන්ගේ අනුමැතිය අත්‍යවශය කාරනයක්. එනම් කිසිම විදියකින් හොරෙන් පරිගනකයට ඇතුල් වීම අසීරු කාරනයක්.

මෙම ක්‍රමය පාවිච්චිය සදහා පරිගඝණක දෙකේම පොඩි software එකක් ස්ථාපනය කල යුතු වෙනවා. එය නමින් Teamviewe වෙනවා. මෙතන කොටලා ඹයාලට ඒකේ ප්‍රධානතම වෙබ් පිටුවට යන්න පුලුවන්. තව මෙහි ඇති ප්‍රධානතම වාසියක් නම් මෙම මෘදුකාංගය බොහෝ විට සියලුම මෙහෙයුම් පද්දති සදහා සහය දැක්වීමයි. එමෙන්ම මෙම මෘදුකාංගය ඇපල් Iphone වලටද ස්ථාපනය කර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. මීට අමතරව ඹයාලට තව විස්තර මෙතනින් බලා ගැනීමට හැකියාව තියෙනවා.

දැන් අපි බලමු මෙම මෘදුකාංගය ස්තාපනය කරගන්නා ආකාරය හා ක්‍රියා කරන ආකාරය පිලිබදව. මොනවා කරන්නත් ඉස්සෙල්ලා මේක බාගෙන ඉන්න එපෑ ඒ සදහා මෙතන කොටන්න. බා ගැනීමෙන් අනතුරුව සම්බන්ධ වීමට සදන පරිඝණක දෙකේම මෙම මෘදුකාංගය ස්ථාපිත කරන්න. (මෙම වැඩේ කිරීම සදහා එනම් එහා පරිගනකය භාවිතා කරන්න හා සම්බන්ද වීමට skype යොදා ගන්නේ නම් වැඩේ තවතවත් පහසු වනු ඇත). පසුව පරිඝණක දෙකේම මෙය ස්ථාපනය කරගෙන අන්තර්ජාලයට සම්බන්ධ වූ පසු teamviewe මගින් පරිඝණක දෙකටම යම් කිසි ලිපිනයක් ලබා දෙනු ලැබේ. පරිඝණකයක සිට අනෙක් පරිඝණකයක සම්භන්ධ වීම සදහා අනෙක් පරිඝණකයකය හසුරුවන්නා අනෙකා හට එම ලිපිනය ලබා දී තිබීම අත්‍යවශය වේ.(එම ලිපිනය මෘදුකාංගය විවෘත කල පසු දිස් වේ). ඉන් පසු එය ඹහු හෝ ඇය විසින් මෘදුකාංගයේ ඇති connect partner යන ස්ථානයට ලබා දී connect යන බොත්තම තද කල විට සම්බන්ද වීම ආරම්භ කරයි. මෙසේ සම්බන්ධ වීමේදී ලිපිනයට අමතරව මෘදුකාන්ගය විසින් ලබා දෙන්නා වු රහස් වචනයද අනෙකා දැන සිටිය යුතුය. මෙසේ නිවරැදි ලෙස සියල්ල ලබා දුන් පසු remort desktop ආකාරයෙන් අනෙක් පරිගනකය හා සම්බන්ධ වේ.

මෙසේ අනෙක් පරිගනකය හා නිවරදිව සම්බන්ධ වීම මගින් පහත සදහන් දේවල් කර ගැනීමේ හැකියාව ඇත.

  • අනෙක් පරිනකයේ දත්ත නැරබීම.
  • විවිධ වූ වෙනස්කම් සිදු කිරීම.
  • අනෙක් පරිගනකයට විවිධ වූ ලිපි හෝ ගොනු යවීම.
  • එමගින් විවිධ වූ දේවල් ලබා ගත හැකි වීම.
  • තවත් විවිධාකාර වූ දේවල් විශාල ප්‍රමානයක්.

මෙම තාක්ශනය අද වන විට ගොඩක් සමාගම් ප්‍රමානයක් තමන්ගේ සේවාවන් ලබා දීම සදහා යොදා ගෙන ඇත. තව මෙම ක්‍රමය ඹබටද අත්හදා බැලිය හැක. මක්නිසාද යත් මෙය 100% නොමිලේ ලබා දෙන නිසාවෙනි.

අන්තිමටම ටිකක් මෙම ලිපිය ගැන කියනවා නම් මේක මම ලියපු විශාලම ලිපිය විනාඩි 51ක් විතර ගියා ඉවර කරන්න. මොකද මම ඉතින් කී බෝඩ් එකෙන් ඈ ගහන්නෙ. 🙂 මොනවා හරි දෙයක් අලුතින් දැන ගත්තා නම් මතක ඇතුව comment එකක් දාලා යන්න. නැතත් ඔන්න ඔහෙ එකක් දාලා යන්න. කට්ටියටම සුභ දවසක්.

මගේ දෙවන ලිපිය (ටිකක් හොර වැඩක්)

Windows වල තියෙන Rating වෙනස් කිරීම

අද මගේ දෙවනි දවස මොකක්ද කරන්නෙ කියලා හිතහිත ඉන්නකොට මරු වැඩක් මතක් උනා. අද ඉතින් ලෝකයේ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ windows මෙහෙයුම් පද්දතිනෙ. මමත් ඉතින් විවිධාකාර වූ මෙහෙයුම් පද්දති අත්හලා බලා තියෙනවා linux වලින් එන ඒවා එහෙම ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ mac වලිනුත් ටිකක් වැඩකරලා තියෙනවා. අන්තිමේදි මොනවා කලත් හිත තියෙන්නෙ windows ගාව. වින්ඩෝස් ගැන කතා කරද්දී මම මුලින්ම පාවිච්චි කල පරිගනකයේ තිබ්බෙත් වින්ඩෝස් (පාවිච්චි කලා කිවුවට මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ නිකන් එබුවා විතරයි) ඒ පරිගනකයේ තිබුනේ windows 96 අපේ තාත්තා රට ඉදන් ගෙනාපු එකක්. මම නන් ඉතින් එතකොට චූටි කොල්ලෙක්. තාම අද වගේ මතකයි මම ඒක මුලින් ඹන් කරලා ටිකක් ඒවා මේවා ඹබපු දවස.

කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක වුනා. ආයෙ පස්සෙ දවසක මගේ අතීතය ගැන කියන්නම්කෝ. කොහොම හරි මේ මම දැන් පාවිච්චි කරන පරිගනකයේ තියෙන්නෙ windows 7. Microsoft සමාගම විසින් windows Xp වලින් පසු windows Vista හදුන්වා දීමේදී මහ විශාල වෙනස් කම් ප්‍රමානයක් Vista වල තිබුනා. අනෙත් වෙනස්කම් ගැන පස්සේ කියන්නම් දැන් මම කියන්න යන්නේ ඹවුන් වෙලද උපායක් ලෙස එක් කර තිබූ WINDOWS RATING යන වැඩ කෑල්ල පිලිබදව. windows rating යනු මෙහෙයුම් පද්දතිය විසින් තමන් පරිහරනය කරන්නා වූ පරිගනකයේ දෘඩාංග හා විවිධ වු හේතූන් පදනම් කරගෙන දෙනු ලබන අගයක්. මේක වැඩකට ඇති දෙයක් නෙමේ ඒත් ඉතින් කවුද අකමැති තමන්ට අගයක් ලැබෙනවට.

අද මම ඹයාලට මගේ දෙවනි ලිපිය ඹස්සේ කියලා දෙන්න යන්නේ මේ අගය බොරුවට වැඩිකරගන්නෙ කොහොමද කියලා. තව දෙයක් කියන්න ඹ්නෙ මේ ක්‍රමය නිසා ඹයාගේ windows ගොනු වලට මුකුත් වෙන්නෙ නෑ හරියට කලොත්. ඒ වගේම windows Vista හා windows 7 යන දෙකටම භාවිතා කරන්න පුලුවන්.

මුලින්ම windows දාලා තියෙන drive එකට ගිහින් ඒකෙ තියෙන windows කියන ගොනුව ඇතුලට යන්න, පසුව එයින් perfomans කියන ගොනුව ඇතුලට යන්න, එයට ගිය පසු WinSAT කියන ගොනුව ඇතුලට ගොස් DataStore කියන ගොනුවේ ඇතුලටත් යන්න, ඊට පසු එහි ඇති පහලම තිබෙන ගොනුව සොයා ගන්න( පහලින්ම ඇති එක). එය බොහෝ විට මේ නමින් දිස් වේ (2010-09-27 20.44.58.923 Formal.Assessment (Recent).WinSAT) මෙහි ඇති දිනය වෙනස් වීමට ඉඩ ඇත. මේ file එකට පොඩි වැඩක් කරන්න තියෙනවා ඒකට මේ file උඩ write click කරලා properties ගොස් security කියන ටැබය විවෘත කොට එහි ඇති  edit කියන බොත්තම ඹබා  user කියන කොටස click කොට පතින් ඇති  allow කියන ස්ථානයේ ඇති සියලු ටික් සලකුනු කර apply සහ ok කරන්න. ඉන් පසු එම ගොනුව word pad එකකින් විවෘත කර ගන්න.(Note pad එකකින් නොවේ). ඊට පසු එම ගොනුවේ ඇති අන්ක වලට ඹබගේ අගයන් ලබා දෙන්න. පසුව save කර ඉවත් වී බලන්න දැන් ඹබේ rating බලන්න.

ගැටලුවක් තිනෙවා නම් මම youtube එකට දාපු පහල ඇති වීඩියෝ පටය නරබන්න.

දැන් නම් අතත් රිදෙනවා on screen keyboard එකෙන් ටයප් කරලා. ඒක නෙමේ මතක ඇතුව comment එකක් දාල යන්න. 🙂