Nikamata wageee

Kalekata passe mage blog 1a blanna mama awa… Afoi mta dn sinhalath be.. Ahooo dukaki.____ balamu subasaya coming soooon…

Advertisements

සින්ඩි වල වටිනාකම

අද කියන්න යන දේ කාටවත් එච්චර වැදගත් නොවෙන්න පලුවන්. ඒත් මම මේ සින්ඩි නිසා තමා බ්ලොග් එක ලියන්නෙ කිවුවොත් නිවැරදියි.මොකද මම බ්ලොග් එක ලියන්න අරගත්තෙ 2010 ඔක්තෝබර් 18 වෙනිදා. ගොඩක් ආසාවෙන් ලියන්න ගත්තට ලිපි පහක් විතර දාගෙන යද්දි  එපා උනා. වෙන මොකක්වත් නිසා නෙමේ කොච්චර පන දාගෙන ලිවුවත් බලන්න කවුරුත් එන්නෙ නැති නිසා. නිකමට වගේ ඒ වෙද්දි මම සින්ඩිකේටර් වලට මගේ බ්ලොග් එක දාලා තිබුනෙ. ඒත් ඒ වෙනකොට මාව ඇතුලත් කරගෙන තිබුනෙ නෑ. හදිස්සියේම මේ මාසෙ 22 මට මේල් එකක් ආවා මාව සින්හල බ්ලොග් කියවනයට ඇතුලත් කරගෙන කියලා. එදා ආපු සතුට වැඩිකමට මම මේ ලිපිය පල කලා.

මම අද මේ ලිපිය පල කලේ වෙන මොනවත් නිසා නෙමේ. සින්ඩිවලට මාව දාන්න කලින් මගේ බ්ලොග් එකට දවසට ආවෙ පහක් හයක් වගේ ගානක්. ඒත් කියන්න සතුටුයි මගේ ලිපි සින්ඩියෙ පෙන්නන්න ගත්තු දෙවෙනි දවසෙ මගේ බ්ලොග් එකට 295 දෙනෙක් ආවා. ඒ වගේම හොද ප්‍රතිචාරත් ලැබුනා. ඔය පහත තියෙන රූපෙ බැලුවහම වෙනස තේරෙයි.

අද මම තව මොනවා හරි අලුත් දෙයක් දෙන්න හිතාගෙන හිටියත්. මේ දේ කියන්නෙ නැතුව ඉන්න එක හරි නෑ කියලා හිතුනා.

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මගේ මේ ලිපිය බ්ලොග් ලියන්න හිතාගෙන ඉන්න තෙනෙක් කියවනවා නම් එයා බය නැතුව ලියන්න ගන්න. අපි ලියන දේවල් කියවන්න ගොඩක් අය ඉන්නවා. මේ බ්ලොග් ලියලා හොද ප්‍රතිචාර ලැබෙනකොට දැනෙන සතුට කියා ගන්න බැරි තරම්.

හොදයි අදට මම යනවා එහෙනම් ආයෙ හෙට හොද හරවත් දෙයක් අරගෙන එනකන් කස්ටියටම සුභ දවසක්.

අද මට හරි සතුටු දවසක්

කට්ටිය දැන් බලනවා ඈති මෙයාට සතුටු මොකද කියලා. වෙන මොකක්වත් නිසා නෙමේ මට ඉතින් මේ බ්ලොග් ලියන එක එපා වෙලා තමා තිබුනෙ. ඈ යි වදේ කිසි සින්ඩියකට මාව ගන්නෙ නැති නිසා. ඔන්න ඉතින් මගෙ අපල කාලෙ ඉවර වෙලාද කොහෙද මාව සිංහල බ්ලොග් කරුවන්ගේ එකටයි ලාංකීය සිතුවිලි කියන සිංඩිකේටර වලට බදවගෙන කියලා අද තමා ලියුම ආවෙ (මේ ලියුම කිවුවෙ Email එකට නොවැ). දැන් ඉතින් හරි හරි ගාල ලියන්න ගන්න ඕනෙ. මොකද බලන්නයි කියවන්නයි කස්ටිය ඉන්නවනෙ.

මට තව සතුටු ආරංචියක් තියෙනවා ඒ මොකක්ද කියනවා නම් මෙච්චර කාලයක් onscreen keyboard එකෙන් සිංහල  ටයිප් කර කර හිටපු මම දැන් ඉතින් වෙනසකට කියලා ඈත්ත එකෙන්ම ටයිප් කරනවා. අද ඉදන් මගෙ කබල් කීබෝඩ් එකේ කොල ටිකක් අලව ගත්තා සිංහලෙන්. හැමදාම මෙහෙම ඉදලා හරි යන්නෙ නැති නිසා තමා මම මෙහෙම කලේ. අනික මට දැන් ඉංගිරීසි අකුරු ගැටළුවක් නැති නිසා සිංහල ටයිපින් පුරුදු වෙනවා. මේ දවස් වල ටිකක් අසනීපෙන් තමා ඉන්නෙ. අර දෙයියන්ගෙ කියන ලෙඩක් හැදිලා ගෙට වෙලාම තමා ඉන්නෙ. ඒක නිසා හොදට ලියන්න ඕනෙ. ඔක්කොටෝම වඩා මේ ලිපිය සිංඩියෙ යනකොට ​මට දැනෙන සතුට කියන්න තරම් බැරි සතුටක් වේවි. දැන් ගොඩක් රෑ වෙලා නිසා මම නිදා ගන්න යනවා​ ආයෙ අනිවා හෙට හොද ගැජමැටික් එකක් අරගෙන එන්නම්. කස්ටියටම බායි වේවා.

මගේ බ්ලොග් ආගමනය

ආයුබෝවන්


හා හා පුරා කියලා ලියන පලවෙනි පෝස්ට් එක. වැරදි එහෙම තියෙනවානම් කස්ටියම සමාවෙන්න ඹ්නේ. කියන්නත් ලැජ්ජයි මට තාම සිංහල keyboard එකෙන් ටයිප් කරන්න බෑ. මේ දැනුත් ටයිප් කරන්නෙ on screen keyboard එකෙන්. කමක් නෑ කොහොම හරි ඉතින් අමාරුවෙන් හරි වැඩේ කරනවනෙ. 🙂

මගේ ගැන විස්තර ටිකක් කියනවා නම්, මගේ සම්පූර්න නම සුභාෂ් ප්‍රියංකර ඉන්නෙ ගම්පහ දිස්ත්‍රිකයේ බැළුම්මහර කියන ප්‍රදේශයේ, වයස 19 යි, මේ පාර තමා උසස් පෙල ඉවර උනේ. දැන් නම් ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එක තමා කරන්නෙ. මේ දවස් ටිකේම කලේ සිංහල බ්ලොග් කියවන එක. කියවලා කියවලා හරි මහන්සි. දැන් වෙලාව රෑ 11:26 යි උදේ ඉදලා කලේ කාලින්ග අයියගෙයි සකුන්තල අයියගෙයි post ටික කියෙවන එක. දැන් ටිකකට ඉස්සෙල්ලා තමා ඉවර උනේ. ඊට පස්සෙ තමා මම මේ බ්ලොග් එක ලියන්න ගත්තෙ.

තව ටිකක් මම ගැන කියනවා නම් මම පොඩිකාලෙ ඉදලම ඔය එක එක ගැජ මැටික් වලට ආසයි. ඒ කාලෙ ඉදලම සෙල්ලම් බඩු හදන්න නෙමේ කඩන්න තමා පුරැදු වෙලා හිටියෙ. අපේ තාත්තා ඒ කාලෙ රට හිටියෙ. ලංකාවට එනකොට මට සෙල්ලන් බඩු කන්දරාවක් ගේනවා. දුකයි කියන්න මාසයක් තියෙන්නෙ නෑ ඹක්කොම කඩනවා. නමුත් මම අද වන විට අනිත් අයට වඩා විශේෂ හැකියාවක් තියනවා කියලා හිතනවා . අර පොඩි කාලෙ කරපු වැඩ නිසා මට අද වන විට ඕන දෙයක් කරන්න හැකිවාවක් ලැබිලා තියෙනවා. අද වන විට පරිගනක තාක්ෂණය පිලිබදව බොහොමයක් දේවල් දන්නවා. මම මේවා දැන ගත්තෙ මුකුත් කෝස් ඩිප්ලෝමා කරලා නෙමේ මගේ උත්සහයෙන් හා මේ තාක්ශණය පිලිබදව තියෙන අමාරුව නිසා. ප්‍රධාන ලෙසම කියන්න ඕනෙ සිංහල බ්ලොග් නිසා මම ඉගෙන ගත්ත දේවල් අනන්තයි අප්‍රමානයි. ඒ නිසා මම දන්න දේවල් ඹයාලටත් දෙන්න කියලා හිතාගෙන මේක ලියන්න පටන් ගත්තෙ.

මම අද ඉදලා මම දන්න දේවල්, මම අලුතින් ඉගෙන ගන්න හොද තාක්ශනික දේවල් ඔබ හා බෙදා ගන්නවා. තව බලලා හොද නරක වැරදි පිලිබදව coment එකක් දාලම යන්න. ඔයාලටත් තාක්ශණය පිලිබදව තියෙන ගැටලු මට mail කරන්න.දන්න දෙයක් නම් අනිවා කියලා දෙන්නම්. 😉

subash.priyankara@gmail.com