Nikamata wageee

Kalekata passe mage blog 1a blanna mama awa… Afoi mta dn sinhalath be.. Ahooo dukaki.____ balamu subasaya coming soooon…

විශේෂ නිවේදනයයි……..

විශේෂ නිවේදනයයි……..

skype,gtalk,facebook හෝ මොනයම් එකකින්වත් පහල තියෙනවා වගේ පනිවිඩයක් ආවොත් හරකෙක් වගේ open කරන්න නම් එපා. මේක මගෙ දැන් තියෙන Security essentials හා Avast free වලට හසු නොවන කාලකන්නිම වයිරස් එකක්. මම නම් ගොනා වගේ බාගෙන open කලා ඔයාලනම් කරන්න එපා. මේකෙන් pc එක struck වෙලා එවලෙ   open වෙලා තියෙන හැම skype,gtalk වැනි software වල online ඉන්න අයට පහත තියෙන පනිවිඩයම අරිනවා.මම මේක ටිකක් වෙනස් කරනවා ඔයාලට download නොවෙන්න. ඒ වගේම තමා මම දැන් Security essentials හා Avast free කියන virus grad වලට මේ පිලිබදව දැනුම් දුන්නා. ඔවුන් ලගදීම මේකට සරිලන updates නිකුත් කරයි. ඒ විතරක් නෙමේ මේ මගුල  මගින් Security essentials අක්‍රීය කරනු ලැබීය. පරිස්සම් වන්න.

tremenda foto pal profile que opinas
htp://ww4.crazyphotosend.com:88/uploads/6MVC-IMAGEN013.JPG.zip

ඉහල තියනවා වගේ පනිවිඩයක් ආවොත් ඔබනවා එහෙම නෙවෙයි…….

මෙයින් මගේ ආදර පරිගනකය බේරා ගත් සැටි ලගදීම බලාපොරොත්තු වන්න………

හාඩ් එක කැඩිලද….මේ විදියට කරලා බලන්න. (2වන කොටස)

මුලින්ම කියන්න ඕනෙ මේක මම බොහොම අමාරුවෙන් ගොඩදාගත්තු හාඩ් ඩිස්ක් එකක් ගැන කියන දෙවන ලිපිය මේකෙ පලවෙනි ලිපිය කියෙවුවෙ නැත්තම් මෙතනින් ගිහින් ඒක කියවලා ඉන්න. නැත්තන් මේ ලිපිය මොකක්ද වගේ තියෙයි.

හරි දැන් පටන් ගමු කතාව. මම කිවුවා වගේ ඊලගට මට partition magic කියන එකේ පිහිට පතන්න සිදු උනා. ඒ වෙනකොටත් මගෙ මැසිමේ ඔය partition magic කියන එක තිබුනෙ නැති නිසා ඒක ආයෙ බාගන්න සිද්ධ උනා. ඒක කලින් කිවුවා වගේ යාලුවගෙ ලැප් එකට දැම්මා වගේම මමත් ටොරෙන්ට් එකෙන්ම බා ගත්තා. හෙන ගේමක් දීලා ඒකත් in-stole කරගෙන හාඩ් ඩිස්ක් එක ගහලා partition හතරකට කඩන්න කියලා හිතාගෙන 100GB හාඩ් එක 25 කෑලි හතරකට කැඩුවා. පස්සෙ ඔක්කොම කරලා ඉවර උනාට පස්සෙ ආපහු ගලවලා මැසිමට සම්භන්ද කරලා බැලුවා. මමත් හිතුවා වැඩේ හරි කියලා මොකද ඉතින් 25GB හතරක් පෙන්නපු නිසා. ආ කියන්න බැරි උනානෙ මෙහෙම කඩපු එකේ ප්‍රධානතම අරමුන තමා bad sector තියෙන partition එක අදුරගෙන ඒක වහලා දාන එක. හරි දැන් පුරුදු විදියටම එකින් එකට file copy කරන්න ගත්තා. මුලින්ම දැම්මෙ මුලින්ම තිබුන එකට ඒක සුපුරුදු විදියටම 4GB ක් විතර copy වෙලා හිර වුනා. ඊලගට දෙවෙනි එකට file copy කරන්න ගත්තා. දුකයි කියන්න ඒකත් එහෙමයි ඒක විතරක් නම් කමක් නෑ කිවුවැහැකි අනිත් දෙකටත් file කොපි වෙන්නෙ නෑ හිර වෙනවා. මටත් ඉතින් දැන් හරි අප්සට් මොකද කරන්නෙ කියලා.මේක මගේ නොවුනත් මගේ එකක් වගේ දැන් මට මාර අමාරුවක් තියෙන්නෙ මේක හදා ගන්න. මේක හදාගන්නෙ කොහොමද කියලා දහඅතේ කල්පනා කර කර ඉන්නකොට මතක් උනා bad sector repair tool එකක් අරගෙන මේකෙ තියෙන  bad sector ටික අයින් කරනවා කියලා. අර කලින් සුසන්ත කියලා තිබුනා වගේ හාඩ් ඩිස්ක් එකේ නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් හොයන්න ගත්තා. මොනවා කියලා හොයන්නද මම කිවුවා වගේ මේකෙ හරි නමක් brand එකක තමක් සදහන් කරලා කිබුනෙ නෑනෙ. ඒක නිසා ඒ අදහසත් අතඇරලා දාන්න සිද්ධ වුනා. ඊට පස්සෙ ජන්ජාලෙ හොයලා හොයලා කොහොම හරි bad secter raper tool එකක් හොයා ගත්තා. ඒක නමින් Flobo HDD BadSector Repair  කියලා එකක්. ඕනෙ නම් ඉතින් මෙතනින් බාගන්න පුලුවන්. ඒකෙනුත් ට්‍රයි එකක් දුන්නා හදන්න. මගේ කරුමෙද කොහෙද මේකෙන් scan කලාට පස්සෙ මේක කියනවා bad sector නෑ කියලා. පස්සෙ ඉතින් ඒ වැඩෙත් හරි ගියේ නෑ. ඒ වෙනකොට මට මාර ආසාවක් තිබුනෙ මේක ගලවලා බලන්න. මොකද මට පොඩි කාලෙ ඉදලා මාර අමාරුවක් තියෙන්නෙ ඔය මොකක් හරි හම්බඋනාම ගලවලා බලන්න. ඒත් මගේ එකක් නෙමේ නිසා මාර බයක් තිබුනෙ මේක ගලවන්න. පලවෙනි හේතුව තමා මේක මගෙ නොවීම. දෙවෙනා හේතුව තමා ප්‍රතම වරට මේ වගේ එකක් ගලවන්න යන නිසා. අනික කවුද දන්නෙ මේක ඇතුලෙ මොනවා තියෙනවද කියලා. ඕන එකක් වෙන්න කියලා ගැලෙවුවා. මේන්න බොලේ මේක ඈතුලෙ තියෙනවා මරු බඩුවක්.
මම කිසිම විදියකින් හිතපු නැති විදියට Hithachi කියන වර්ගයේ 100GB හෙන පොඩි හිච්චි හාඩ් එකක් තියෙනවා මේක ඈතුලෙ. පහල තියෙන්නෙ ඒකෙ පින්තූර කහිපයක්. එලිය මදි හින්දා එලියට ගිහින් පොටෝ ගැහුවෙ.

මේක වෙනම හාඩ් එක විතරක් වෙන් කරගෙන ගත්තු එකක් තමා පහල තියෙන්නෙ.

මේක දැක්කට පස්සෙ මම පුල් හොල්මන්. ඈයි බොලේ මම දැක්කමයි මෙච්චර පොඩි හාඩ් එකක්. වැඩේ කියන්නෙ මේක හරියටම මගෙ අල්ල තරම් ඒ විතරක් නෙමේ ගනකම හරියටම 2.5cm යි. හිතාගන්න පුලුවන්නෙ සයිස් එක.

දැන් ඉතින් ආයෙ පටන් ගත්තා මේක හදන වැඩේ කරන්න. දැන් ඉතින් හාඩ් එකේ brand එක දන්න නිසා Hithachi සයට් එකේ හොයන්න ගත්තා මේක හදා ගන්න tool එකක්. ඒත් මට ඒක හොයා ගන්නත් බැරුව ගියා. ඒ වෙනකොට නිකමට වගේ හිතුනා තව partition කරන software එකකින් වැඩ ටකක් දාලා බලන්න. ටිකක් ජන්ජාලෙ හෙවුවට පස්සෙ හොයා ගත්තා MiniTool Partition Wizard Home Edition කියලා එකක. මේක ගැන කියනවා නම් මේ software එක නිකන් දෙන සුපිරිම එකක් තමා. හිත හිත ඉන්නෙ නැතුව මෙතනින් දැන්මම බා ගන්න. දැන් ඕනෙ නැති උනත් පස්සෙ හරි ඕනෙ වෙයි.

ඊට පස්සෙ මේක ඈතුලට ගිහින් ටිකක් මේක දිහා විපරන් කරලා බලද්දී තේරුනා ඔය එක එක සල්ලි දීලා ගන්න software වලට වඩා මේ නිකන් දෙන එක හොදයි කියලා. මුලින්ම මම කලේ මේක හතරකට කඩලා තිබුන partition ටික එකකට කඩපු එක. එහෙම කරලා ඉවර උනාට පස්සෙ මේ software එක දිහා බලද්දී දැක්කා surface test  කියලා එකක් තියෙනවා. දෙපාරක් හිතන්නෙ නැතුව ඒක වෙන්න දැම්මා.මෙන්න බොලේ සද්ද දාගෙන හාඩ් එක scan කරනවා. හැබැයි එහෙම වෙන්න අම්බානෙට වෙලා ගියා. වෙලා ගියා නෙමේ වෙලාව කෑවා. ඒ තරමටම හාඩ් එක බකල්. මම මේ test එකට හාඩ් එක පැය 25ට වැඩිය දාලා තිබුනා. මෙහෙම දාල තියද්දී හාඩ් එක මාර රත් විල්ලක් රත් වෙන්නෙ. ඒකට මගෙ තියෙ table fan එක ගැහුවා හාඩ් එකට. ඔහොම වෙනකොට ගත්තු ​screen shot එකක් තමා පහල  තියෙන්​නේ.

මෙතන තියෙන්නෙ errors 11ක් විතරයි. මොන එකොලහද errors 600ට වැඩිය තිබුනා සම්පුර්න හාඩ් එකම scan වෙන්නෙත් නැතුව. එක තැනකට ඈවිත් නැවතුනා එතනින් එහාට scan උනේ නෑ. ඒත් මම දැක්කා හාඩ් එකේ මැද හරියෙ කිසිම ගැටළුවක් නැති විදිය.

ඔන්න එතකොට තමා මට මොලේ පෑදුනේ. මම කරපු වැඩේ සම්පූර්න හාඩ් එකම 10GB කෑලි දහයකට කැඩුවා🙂 පස්සෙ එකින් එක scan කරගෙන ගියා. බොහොම සතුටුයි කියන්න 10 යෙ කෑලි 3ක් හොයා ගත්තා කිසිම ලෙඩක් නැති. ඒ partition 3න් දෙකක් එක ලග තිබුනෙ අනික වෙන තැනක තිබුනෙ. එක ලග තිබුන දෙක මම එක partition එකක් කලා. අනික එහෙමම තිබ්බා. අර ලෙඩ තියෙන partition හතම hidden කරලා දැම්මා.

පස්සෙ ඉතින් මම මේ හැදිලා තියෙන partition දෙක format එහෙම කරලා file ටිකක් copy වෙන්න දැම්මා. මෙන්න බොලේ කිසි අවුලක් නැතුව වැඩ. 30GB ම කොපි වුනා. මට දැනෙන සතුට කියා ගන්න බැරි හින්දා තමා මේ ලිපිය ලිවුවෙ.කොහොම හරි ඉතින් 100GB හාඩ් එකක් වැඩකරන 30GB කට බැස්සුවා. ඒත් ඉතින් 30GB කියන්නෙත් හරි ලොකු ගානක්නෙ නේද.තාම මම අයිතිකාරයට මේක දුන්නෙ නෑ. එයාට ටිකක් වැඩ වැඩී මේ දවස් වල පස්සෙ දෙනවා.

මම දන්නෙ නෑ මේක තව කී දවසක් වැඩ කරයිද කියලා ඒත් හරියට පාවිච්චි තලොත් ගොඩක් කාලයක් use කරන්න පුළුවන් බව නම් මට විස්වාසයි. මම දන්නෙ මෙච්චරයි කොහොම හරි දගලලා මේක මම හදපු බව.

ඒ වගේම කියන්න ඕනෙ මෙච්චර වෙලා මේක කියවපු ඔයාලට ගොඩක් ස්තූති වෙන්න ඕනෙ. මතක් කරලා හිතන දේ ලියලා යන්න. මම එහෙනම් යනවා කස්ටියටම සුභ දවසක්.

හාඩ් එක කැඩිලද….මේ විදියට කරලා බලන්න. (1වන කොටස)

අද කියන්න යන්නෙ ටිකක් දිග ඒ වගේම මම ලබපු අපූරු අත්දැකීමක් ගැන තමයි. දවස් දෙකකින් ලිපියක් ලියන්න බැරි උනා. ලියන්න බැරි උනේ වෙන මොකක්වත් නිසා නෙමේ පලවෙනි දවසෙනම් ලියන්න කියලා හිතාගෙන හිටියට අපේ ලංකාවේ විදුලිබල මන්ඩලය මගේ ලිපියට කොක්ක දැම්මා උදේ ඉදලා විදුලිය තිබුනෙ නෑ හවස හයට විතර තමා ආවෙ. දෙවෙනි දවසෙ ලිපියක් ලියන්න බැරි උනේ මගෙ තියෙන කම්මැලි කමට. අද ඉතින් මෙතන ඉද ගත්තෙ මම ලබපු අත්දැකීමක් ප්‍රතම වරට ඔයාලත් සමග බෙදා හදා ගන්න තමයි. මේක මම පුදුම ගේමක් දීලා ගොඩ දාගත්තු හාඩ් ඩිස්ක් එකක් ගැන තමා අද කියන්න යන්නෙ.

මුලින්ම කියන්න ඔනේ මේක මට ලැබුන විදිය. මේකෙ තියෙන වැදගත්ම දේ තමයි මේක සාමාන්‍ය හාඩ් ඩ්ස්ක් එකක් නෙමේ අතේ අරගෙන යන usb portable hard disk එකක්. මේක ගැන කියනවනම් මුලින්ම කියන්න ඕනෙ මගෙ හොද යාළුවෙකුගෙ. එක දවසක් මම මෙයාලගෙ ගෙදර ගිය වෙලාවක කිවුවා  එයාගේ තියෙන portable hard එක format කරන්න ගත්තට වෙන්නෙ නෑ කියලා. මමත් ටිකක් අරගෙන බලද්දි format විතරක් නෙමේ 4GB ක් විතර fයිල් කොපි වෙලා මේක හිර වෙනවා. මම දැන ගත්තා මේකේ bad sectors ඇවිල්ලා තමා කියලා නිකමට ට්‍රයි එකක් දුන්නා හදන්න. මුලින්ම කලේ වෙන මොකක්වත් නෙමේ low-level format tool එකක් අරගෙන මේක format කරලා බලපු එක. විනාඩි විස්සකින් විතර ගිහින් වැඩේ හරි කියලා වැටුනා. මම ඉතින් කරපු වැඩේ මේක ගලවලා ආයෙ ලැප් එකට සම්භන්ද කරලා බැලුවා. මල හත්ඉලවුවයි තිබුන ටිකත් නෑ. දැන් ඉතින් අර පෙන්නපු ටිකවත් පෙන්නන්නෙ නෑ. හැබැයි ඉතින් device manager එකට අරගෙන තිබුනා. පස්සෙ ටිකක් ජන්ජාලෙ හොයලා බලද්දී දැක්කා low-level format කලාට පස්සෙ ආයේ partition create කරන්න ඕනෙ කියලා. අනේ ඉතින් හාඩ් එක පැත්තකට දාලා partition magic කියන software එක හොයන්න ගත්තා. මොකද මම ඔය partition magic කියන එකෙන් කලින් සෙල්ලම් ටිකක් දාල තිබුනා.  පස්සෙ ඉතින් ටොරෙන්ට් එකෙන්ම PowerQuest PartitionMagic කියන එක ගත්තා key එකක් එක්කම. කොහොම හරි දගලලා ඒකත් හදාගෙන අර හාඩ් එකේ partition එක create කර ගත්තා. දැන් ඉතින් නමෝ විත්තියෙන් ලැප් එකේ තිබුන film ටිකක් පිරෙන්න දැම්මා. හෙන ගහන්න මෙන්න මේක ආපහු හිර උනා නොවැ. කොහොම හරි ඉතින් ටිකක් කල්පකා කරලා windows වල එන disk check එකෙත් චෙක් වෙන්න දැම්මා. පැයක් විතර ගියා මේක වෙනවා නෙමේ බඩගානවා එතකොට වෙලාව රෑ දහයට විතර ලග නිසා මම ගෙදර එන්න ආවා මොකද මම මේ ඔක්කොම කලේ මගෙ යාළුවගෙ ගෙදර ඉදන්. ගෙදර ගිහින් මේ ගැන හිත හිත හොදට නිදා ගත්තා.

ආ තව ටිකෙන් අමතක වෙනවා මම මේ හදන්න හදපු portable HDD එක 100GB එකක්. පිටින් කිසිම brand එකක නමක් සදහන් කරලත් තිබුනෙ නෑ. තිබුනෙ colour polor කියලා විතරයි. අනික ජන්ජාලෙ මම ඒ නමින් හොයලා බැලුවට හරි හමන් තොරතුරක් හොයා ගන්නත් බැරි උනා.ඕනෙ නම් ඔය පහල  තියෙන පින්තූරෙන් බලන්න පුළුවන් ඒක හැබැයි ඉතින් සමා වෙන්න ඕනෙ මේ පින්තූර ගැහුවෙ රෑ මගේ webcam එකෙන් ඒක නිසා පින්තූර නම් අන්තිමයි

ඔන්න ඉතින් පහුවෙනිදා වැඩේ හරිද කියලා බලන්නවත් මගෙ යාළුවව මට හම්බඋනේ නෑ. මොකද මිනිහට බරටම වැඩ. පස්සෙ ඉතින් දවස් දෙකකට විතර පස්සෙ මම මගේ යාළුවට කෝල් එකක් අරගෙන අහුවා කොහොමද වැඩේ හරිද කියලා. එතකොට තමා දැන ගත්තෙ ඒත් ඒ ලෙඩේ එහෙම්මම තියෙනවා කියලා. පස්සෙ මම එයාට කිවුවා මට ටිකක් ඕක දෙන්න මම හදන්න ට්‍රයි එකක් දෙන්නම් කියලා.ඊට පස්සෙ පහු වෙනිදාම මට මේක ලැබුනා.ඔන් දැන් තමා ගේම පටන් ගන්නෙ.

මේකට මොකද කරන්නෙ කියලා හිත හිත ඉන්නකොට දන්න කියන කෙනෙක් ගෙන් මේ ගැන අහන්න හිතුනා. එවලෙ gtalk වල online හිටියා මම දන්න කියන නදුන් රනවීර කියලා මගේ යාළුවෙක් මිනිහව මම දැන ඈදිනගෙන දවස් දෙකක් නෑ ඒ වෙනකොට. ඒ වගේම එයා තමා ලාංකීය බ්ලොග් කියවනය කියන සින්ඩියෙ නිර්මාතෘ. මෙයාගෙන් මම කලින් අහගෙන් තිබුනා wordpress.org එකෙන් තමන්ගේ host සහ domen එකකට wordpress in-stole කර ගන්න විදිය. මම හිතුවා මිනිහා දන්නවා ඈති කියලා. ඒත් අවාසනාවකට වගේ එයත් වැඩිය ඔය දේවල් ගැන දන්නවා අඩුයි කිවුවා. හැබැයි එයා කිවුවා TechKatha google සමූහයට දැම්මොත් පිලිතුරක් ලැබෙයි කියලා. මමත් එවලෙම techkatha වලට මේල් එකක් යවුවා. එදා හවස් වෙන කොට සුසන්ත කියලා කෙනෙක් පහත තියෙන විසදුමක් ලබා දීලා තිබුනා.

පොඩ්ඩක් ඩොස් කමාන්ඩ් එකෙන් ෆෝර්මැට් කරල බලන්න.
format z: /fs:NTFS

මේකේ Z වෙනුවට හාඩ් එකේ Drive letter එක දෙන්න.

හරි ගියේ නැත්තනම් තැටියේ භෞතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ඕකට හොඳම වැඩේ හාඩ් එක පාටිෂන් හතරකට වගේ කඩන්න. වෙන මෘදුකාංගයක්
පාවිච්චි නොකර Right click on my computer> manage> Storage> Disk
management(Local) වලට ගිහින් කරගන්න පුළුවන්.

එතකොට ඔය අවුල නැති හරියේ තියෙන පාටිෂන් ටික වැඩ කරන්න පුළුවන්.

තව බෑඩ් සෙක්ටර් රෙපයාර් ටූල්ස් මෘදුකාංගත් තියනවා. ඒත් පාවිච්චි කරන්න
ඕන පරිස්සමින්. ගොඩක් වෙලාවට හාඩ් ඩිස්ක් එකේ නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ
මේ වගේ මෘදුකාංගයක් බාගත කරගන්න තියෙනවා.

ඒ නිශ්පාදකයා වෙනුවෙන්ම හදපු මෘදුකාංගයක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි.

පස්සෙ මිනිහට පින් සද්ද වෙන්න මම මේක හදන්න ක්‍රම කිහිපයක් හොයා ගත්තා. ඔය ඕකෙ තියෙනවා වගේ මුලින්ම කරන්න ගත්තෙ dos command එකෙන් format කරන්න හදපු එක. අවාසනාවට ඒකත් හරි ගියේ නෑ. 24% ගිහිල්ලා හිර වෙලාම තියෙනවා. ඊට පස්සෙ කරන්න ගත්තෙ partition වලට කඩන්න ගත්ත එක. මෙයා කියලා තියෙන විදියට windows වලින් කරන්න මට හැකියාවක් තිබුනෙ නෑ. මොකද මම පාවිච්චි කරන්නෙ wondows xp නිසා. ඒක නිසා පරන විදියටම partition magic කියන එකේ පිහිට පතන්න සිදු උනා.

ඊට පස්සෙ තමා හරි හරි දේවල් සිද්ද උනේ. ඒත් ඉතින් හිතපු නැති විදියට මේ ලිපිය ගොඩත් දිග වුනා ඒ නිසා කොටස් දෙකකට ලියන්න සිදු වෙනවා. මේ ටික කියෙවුවා වගේ ඉතිරි ටිකත් කියවන්න කියලා කරුනිකව ඉල්ලා සිටිනවා.

දෙවෙනි ලිපිය හැකි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වෙන ගමන් මම යනවා. යන්න ඉස්සෙල්ලා සතුටින් කියන්න ඕනෙ මම මේක කොහොම හරි කරලා ගොඩ දා ගත්තා ඒ විතරක් නෙමේ මේක මසුත් කලා🙂. මේක කියවලා මොකද හිතෙන්නෙ කියලා අමතක නොකර ලියලා යන්න. දැන් වචන 892 යි. කියන්න සතුටුයි මම ලියපු දිගම ලිපිය. දැන් ටිකක් keyboard එකෙන් සින්හල ටයිප් කරන්නත් හුරුයි. මම එහෙනම් යනවා දෙවෙනි ලිපියෙන් හම්බවෙනකන් කස්ටියටම බායි කිවුවා.

දෙවෙනි ලපියට මෙතනින් යන්න.

සින්ඩි වල වටිනාකම

අද කියන්න යන දේ කාටවත් එච්චර වැදගත් නොවෙන්න පලුවන්. ඒත් මම මේ සින්ඩි නිසා තමා බ්ලොග් එක ලියන්නෙ කිවුවොත් නිවැරදියි.මොකද මම බ්ලොග් එක ලියන්න අරගත්තෙ 2010 ඔක්තෝබර් 18 වෙනිදා. ගොඩක් ආසාවෙන් ලියන්න ගත්තට ලිපි පහක් විතර දාගෙන යද්දි  එපා උනා. වෙන මොකක්වත් නිසා නෙමේ කොච්චර පන දාගෙන ලිවුවත් බලන්න කවුරුත් එන්නෙ නැති නිසා. නිකමට වගේ ඒ වෙද්දි මම සින්ඩිකේටර් වලට මගේ බ්ලොග් එක දාලා තිබුනෙ. ඒත් ඒ වෙනකොට මාව ඇතුලත් කරගෙන තිබුනෙ නෑ. හදිස්සියේම මේ මාසෙ 22 මට මේල් එකක් ආවා මාව සින්හල බ්ලොග් කියවනයට ඇතුලත් කරගෙන කියලා. එදා ආපු සතුට වැඩිකමට මම මේ ලිපිය පල කලා.

මම අද මේ ලිපිය පල කලේ වෙන මොනවත් නිසා නෙමේ. සින්ඩිවලට මාව දාන්න කලින් මගේ බ්ලොග් එකට දවසට ආවෙ පහක් හයක් වගේ ගානක්. ඒත් කියන්න සතුටුයි මගේ ලිපි සින්ඩියෙ පෙන්නන්න ගත්තු දෙවෙනි දවසෙ මගේ බ්ලොග් එකට 295 දෙනෙක් ආවා. ඒ වගේම හොද ප්‍රතිචාරත් ලැබුනා. ඔය පහත තියෙන රූපෙ බැලුවහම වෙනස තේරෙයි.

අද මම තව මොනවා හරි අලුත් දෙයක් දෙන්න හිතාගෙන හිටියත්. මේ දේ කියන්නෙ නැතුව ඉන්න එක හරි නෑ කියලා හිතුනා.

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මගේ මේ ලිපිය බ්ලොග් ලියන්න හිතාගෙන ඉන්න තෙනෙක් කියවනවා නම් එයා බය නැතුව ලියන්න ගන්න. අපි ලියන දේවල් කියවන්න ගොඩක් අය ඉන්නවා. මේ බ්ලොග් ලියලා හොද ප්‍රතිචාර ලැබෙනකොට දැනෙන සතුට කියා ගන්න බැරි තරම්.

හොදයි අදට මම යනවා එහෙනම් ආයෙ හෙට හොද හරවත් දෙයක් අරගෙන එනකන් කස්ටියටම සුභ දවසක්.

පරිගනකය ලෙඩ දෙනවද…මෙන්න විසදුම (SFC)

අද කියන්න යන්නේ කවදා හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන දෙයක්.කොහොමත් කාගෙ කොම්පියුටරයක් උනත් කවදා හරි දවසක ලෙඩ දෙනවනෙ.ලෙඩ කියපුවම ඉතින් විවිධාකාර ඒව තියෙනවා නොවැ. මම කියන්න යන්නෙ ඔයාලගේ පරිගනකයේ system file වලට මොනවා හරි වෙලා නම් ඒවා නිවැරදි කර ගන්න ආකාරය ගැන.මෙම ක්‍රමය මගින් ඔය කම්පියුටරේ තියෙන එක එක ලෙඩ හදාගන්න පුළුවන්.එක එක ලෙඩ කිවුවෙ ඔන් වෙනකොට නැවත නැවත restart වෙන ඒව, සමහර විට boot වෙන්නෙම නැතුව එක එක file වර්ග නැති උනා කියන ඒවා කොහොම හරි ඔන් උනොත් struck වෙලා තියෙන ලෙඩ වගේ තව ගොඩක් ඒවා හදා ගන්න පුළුවන්.

ඊට ඉස්සෙල්ලා කියන්න ඕනෙ මෙහෙම වෙන්නෙ ඈයි කියලා. ප්‍රධාන ලෙසම මෙහෙම වෙන්නෙ system file වලට හානි සිදු උනාම. මෙහෙම හානි වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙන්න පුළුවන්. එකක් එකපාරටම විදුලිය විසන්දි වීම, අනික virus ආසාදනයක් නිසාවෙන්නත් පුළුවන්. මේ දෙක විතරක් නෙමේ තව හේතු කන්දරාවක් බලපාන්න පුළුවන්.

දැන් බලමු මේක කොහෙමද කරන්නෙ කියලා. මේක වින්ඩෝස් Xp වල හා Vista හෝ 7 වගේ මෙහෙයුම් පද්දති වල කිසිම ගැටළුවක් නැතිව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම තමා මේක ක්‍රියාත්මක කල පසු ඈතැම් අවස්ථා වලදී තමන් පාවිච්චි කරන මෙහෙයුම් පද්දතියේ CD එකක් හෝ DVD එකක් ඉල්ලා සිටිනවා ඒ හේතුව නිසා කෝකටත් කියලා එකක් ලග තියාගෙන ඉන්න එක වටිනවා.

හරි දැන් බලමු මේක ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියලා. මම වින්ඩෝස් Xp වල ක්‍රියාත්මක කරන ආකාරය රූප සටහන් මාර්ගයෙන් ​පෙන්නන්නම්. හරි දැන් මුලින්ම run එකට යන්න ඕනෙ. ඒ සදහා start ගිහින් run කියන එක ඔබන්න. ලේසිම වැඩේ තමා windows බොත්තමත් සමග R අකුර එබීම මගින් run එකට යන්න පුළුවන්. දැන් ඒකට ගියට පස්සේ cmd කියලා ටයිප් කරලා command prompt එකට යන්න ඕනෙ.

හරි දැන් ගියාට පස්සේ  ඒකෙ ටයිප් කරන්න ඕනෙ sfc/scannow කියලා. හරියට ඔය පහල තියෙන පින්තූරෙ වගේ.

දැන් ටයිප් කරලා ඉවර උනාට පස්සෙ enter එක ඔබන්න ඕනේ. එතකොට ඉතින් System File Checker එක ක්‍රියාත්මක වෙන්න ගන්නවා හරියට ඔය පහල තියෙන එක වගේ.

ඔන්න දැන් ඉතින් මෙමගින් ඔයාලගෙ පරිගනකයේ system file check කරන්න ගන්නවා. ඔහොම වෙද්දී එක පාරටම පහල තියෙනවා වගේ එකක් ආවොත්

එතකොට windows CD එක දාන්න ඕනෙ. එතකොට හානි වෙලා තියෙන system file හදන්න ගන්නවා.

මම මේ දැන් කියලා දුන්නෙ කොහොම හරි කරලා ඔන් වෙන පරිගනකයකනෙ. දැන් බලමු ඔන්වෙන්නෙ නැති ඒවා කොහොමද කරන්නෙ කියලා. මුලින්ම පරිගනකය boot වෙන්න ඉස්සෙල්ලා F8 බොත්තම ඔබන්න ඕනෙ. එතකොට පහත වගේ එකක් එයි.

එයින් safe mode with command prompt කියන එක තෝරලා enter එක ඔබන්න. එතකොට කොහොම හරි කියලා boot වෙලා කලින් වගේ command prompt එකට එයි ඕන් ඉතින් එතකොට කලින් කියලා දුන්නා වගේ වැඩේ කරන්න තමා තියෙන්නෙ.

ඔන්න එහෙනම් අදට කියලා ඉවරයි. ගැටළුවක් එහෙම තියෙනවා නම් අහන්න. කස්ටියටම සුභ දවසක් වේවා. මතක් කරලා හොද නරක කියලා යන්න.

කරදරකාර start-up program ටික වහන විදියක්

කස්ටියටම සුභ දවසක්. අද කියන්න යන්නෙ ගොඩක් අය දන්න දෙයක්. දන්නෙ නැති කවුරු හරි ඉන්නවානවා නම් එයා​ට ප්‍රයෝජනවත් වෙයි වෙයි කියල හිතල තමා කියන්න යන්නෙ. මම මේ කියන දෙයින් ඔයාලගෙ පරිගණකයේ වේගය වැඩි වෙනවා වගේම ඔන් වෙන එක ඉක්මන් කර ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමේ මොනවා හරි වයිරස් එකක් එහෙම ඈවිත් ඒක windows ඔන් වෙනකොටම කරදර කරනවා නම් මේ ක්‍රමය මගින් ඒකත් නවත්ව ගන්න පුළුවන්. ඔක්කොටම කලින් කියන්න ඕනෙ මෙම ක්‍රමය වැඩ කරන්නෙ වින්ඩෝස් වල.

හරි දැන් බලමු මේක කොහොමද කරන්නෙ කියලා. ඔයාලගෙ ලෙහෙසියටත් එක්ක මම පියවරෙන් පියවර රූප සටහන් මගින් කියලා දෙන්නම්.මුලින්ම run එකට යන්න ඕනෙ. ඒ සදහා start ගිහින් run කියන එක ඔබන්න. ලේසිම වැඩේ තමා windows බොත්තමත් සමග R අකුර එබීම මගින් run එකට යන්න පුළුවන්.

හරි දැන් ගියාට පස්සෙ ඒකෙ ටයිප් කරන්න දෙයක් තියෙනවා ඒක තමා msconfig කියන එක. ඔය පහල තියෙන විදියට ටයිප් කරා නම් හරි.

හරි ඒ විදියට හරියට ටයිප් කරලා ok කියන එක හරි enter බොත්තම හරි එබුවම පහල තියෙන එක වගේ System Configuration Utility එක එයි. ඔන්න ඕකෙන් තමයි වැඩේ කරන්න තියෙන්නෙ.

මේකෙන් මම කියන්න යන දෙයට අමතරව තව ගොඩක් දේවල් කරන්න පුළුවන් තව තව ලිපි වලින් ඒව කියලා දෙන්නම් අදට මේක බලන්නකෝ. හරි දැන් මේකට ගියාට පස්සෙ ඔය උඩින්ම තියෙන startup කියන tab එකට යන්න. ගියාට පස්සෙ එය පහලින් තියෙන විදියට පේන්න ගනී.

ඔන්න දැන් ඉතින් තියෙනවා ඔයාගේ pc එක ඔන් වෙනකොට ක්‍රියාත්මක වෙන program ටික. බැලූ බැල්මට ටිකක් විකාරයක් වගේ පෙනුනට හොදට බැළුවොත් ඔක්කොම ඒවා තියෙන තැනත් එක්කම බලා ගන්න පුළුවන්. දැන් ඕක දිහා හොදට බලලා තමන් දන්න කියන ඔන් වෙනකොට කරදර කරන program එකක් එහෙම තියෙනවා නම් වහලා දාන්න පුළුවන්. හරියට ඔය පහලින් තියෙන විදියට මම වගේ.

වහන program ටික තෝරන එක ඔයාට බාරයි. මොකද ඔය එක එක ඒවෑ මොන මොනා තියෙනවද කියලා මම කොහොමද දන්නෙ🙂 .

හරි දැන් ඕන කරන ඒවා තෝරලා එහෙම ඕන නැති ඒවා අයින් කරලා අයින් වෙන්න ඕනෙ නම් Apply කරලා ඔය තියෙන Ok කියන එක එබුවම පහල තියෙනවා වගේ එකක් එයි.

ඒක නම් ඉතින් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන්ම බලා ගන්න ඕනෙ නම් දැන්ම restart කරන්න පුළුවන්. ඕනෙ නැත්තම් Exit without restart කියන එක ඔබන්න පුළුවන්.

ආ තව කියන්න දෙයක් තියෙනවා. මේ වැඩේ මීට වඩා හොද​ට කරන්න පුළුවන් software තියෙනවා මම tune up කියලා software එකක් මීට කලින් පාවිච්චි කරලා තියෙනවා. මීට අමතරව තව ගොඩක් දේවල් මේ software එක මගින් කරන්න පුළුවන්. ඕනෙ නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. හැබැයි මේක free දෙන්නෙ ටික දවසයි. ඕනෙ නම් ඉතින් ඔයාලට පාවිච්චි කරලා බලන්න පුළුවන්.

අදට ඉතින් මේ ටික තමා කියන්න තියෙන්නෙ. වෙනදා වගේම මොනවා හරි හිතුනා නම්,  වැරදි තියෙනවා නම්,  බනින්න එහෙම තියෙනවා නම් බනින්න. කොහොම හරි කරලා comment එකක් දාලා යන්න. ගැටළුවක් එහෙම තියෙනවා නම් අහන්න. මම එහෙනම් යනවා කස්ටියටම සුභ දවසක්.