සින්ඩි වල වටිනාකම
2010 නොවැම්බර් 26 ප්‍රතිචාර 11
අද කියන්න යන දේ කාටවත් එච්චර වැදගත් නොවෙන්න පලුවන්. ඒත් මම මේ සින්ඩි නිසා තමා බ්ලොග් එක ලියන්නෙ කිවුවොත් නිවැරදියි.මොකද මම බ්ලොග් එක ලියන්න අරගත්තෙ 2010 ඔක්තෝබර් 18 වෙනිදා. ගොඩක් ආසාවෙන් ලියන්න ගත්තට ලිපි පහක් විතර දාගෙන යද්දි එපා උනා. වෙන මොකක්වත් නිසා නෙමේ කොච්චර පන දාගෙන ලිවුවත් බලන්න කවුරුත් එන්නෙ නැති නිසා. නිකමට වගේ ඒ වෙද්දි මම සින්ඩිකේටර් වලට මගේ බ්ලොග් එක දාලා තිබුනෙ. ඒත් ඒ වෙනකොට මාව ඇතුලත් කරගෙන තිබුනෙ නෑ. හදිස්සියේම මේ මාසෙ 22 මට මේල් එකක් ආවා මාව සින්හල බ්ලොග් කියවනයට ඇතුලත් කරගෙන කියලා. එදා ආපු සතුට වැඩිකමට මම මේ ලිපිය පල කලා.
මම අද මේ ලිපිය පල කලේ වෙන මොනවත් නිසා නෙමේ. සින්ඩිවලට මාව දාන්න කලින් මගේ බ්ලොග් එකට දවසට ආවෙ පහක් හයක් වගේ ගානක්. ඒත් කියන්න සතුටුයි මගේ ලිපි සින්ඩියෙ පෙන්නන්න ගත්තු දෙවෙනි දවසෙ මගේ බ්ලොග් එකට 295 දෙනෙක් ආවා. ඒ වගේම හොද ප්‍රතිචාරත් ලැබුනා. ඔය පහත තියෙන රූපෙ බැලුවහම වෙනස තේරෙයි.
අද මම තව මොනවා හරි අලුත් දෙයක් දෙන්න හිතාගෙන හිටියත්. මේ දේ කියන්නෙ නැතුව ඉන්න එක හරි නෑ කියලා හිතුනා.
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මගේ මේ ලිපිය බ්ලොග් ලියන්න හිතාගෙන ඉන්න තෙනෙක් කියවනවා නම් එයා බය නැතුව ලියන්න ගන්න. අපි ලියන දේවල් කියවන්න ගොඩක් අය ඉන්නවා. මේ බ්ලොග් ලියලා හොද ප්‍රතිචාර ලැබෙනකොට දැනෙන සතුට කියා ගන්න බැරි තරම්.
හොදයි අදට මම යනවා එහෙනම් ආයෙ හෙට හොද හරවත් දෙයක් අරගෙන එනකන් කස්ටියටම සුභ දවසක්.
සුභා….නවත් තන්න එපා ලීයන එක අපී කෙයවනව හොදෙ…
නවත්වන්නෙ නෑ දිගනම ලියනවා……..
හොද බ්ලොග් එකක්.එළ එළ
තැන්කියු වේවා.
ඔන්න එහෙනම් මාත් කොමන්ට් පාරක් දැම්මා.ජයවේවා…..දිගටම ලියමු එහෙනම්.
දිගටම ලියන්න.. කියවන්න අපි ඉන්නවා… ජයෙන් ජය….
ගොඩක් ස්තූති වෙන්න ඕනෙ ප්‍රතිචාරෙට. දිගටම ඉන්න.
කථාව ඇත්ත මගේ වෙබ් අඩවිය පලන ගාන 400% කින් වැඩි වුනා. දිගටම ලියන්න අපි කියවනවා.
ලියන්න කියවනන අය ඉන්නවා වල් පල් නැතිව යමක් ඉතිරි කරලන්න හැකි ඒවා ලියන එකයි වැදගත් කම
සහතික ඇත්ත….
නොසගවා කීම හෘද්යයංගමයි. හැබැයි හැමෝටම නෙමෙයි මලෝ. ……….